යාපනයෙන් හමුදාව යනවාට සාමාන්‍ය ජනතාව කැමති නෑ - මේජර් ජෙනරාල් ජගත් අල්විස්‌

Published in පුවත්
Saturday, 07 February 2015 08:50

යාපනය අර්ධද්වීපයේ ඇතැම් ප්‍රදේශවලින් යුද හමුදාව ඉවත් වනවාට එම ප්‍රදේශවල සාමාන්‍ය ජනතාව කිසිදු කැමැත්තක්‌ නැතැයි යාපනය ආරක්‍ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් ජගත් අල්විස්‌ මහතා පැවැසූ බව දිවයින පුවත්පත වාර්තා කරයි.

යාපනයේ සාමාන්‍ය වැසියන් සතු ඉඩම්වල පිහිටා තිබෙන හමුදා කඳවුරු ඉවත් කිරීමට ගෙන තිබෙන තීරණයට එම ප්‍රදේශවල ජනතාව අකමැති බව ද හෙතෙම කියා සිටියේය.

යුද ජයග්‍රහණයෙන් පසුව අත්‍යවශ්‍ය හමුදා කඳවුරු පමණක්‌ ඉතිරි කර එම ඉඩම් බොහෝ ප්‍රමාණයක්‌ මේ වන විට අදාළ ඉඩම් හිමියන්ට නැවත ලබා දී ඇති බවත් එම ප්‍රදේශවල ආරක්‍ෂාව සහ සාමය තහවුරු කිරීම ශ්‍රී ලංකා පොලිසිය මගින් සිදුකරන බවත් හෙතෙම පැවසීය.

යාපනය අර්ධද්වීපයේ ආරක්‍ෂාව හා සිවිල් පරිපාලනය මේ වන විට සියයට සියයක්‌ම තහවුරු වී ඇති බව සඳහන් කළ මේජර් ජෙනරාල්වරයා අත්‍යවශ්‍ය ප්‍රදේශවල පමණක්‌ යුද හමුදා කඳවුරු තවදුරටත් පවත්වාගෙන යන බව කියා සිටියේය.

ජනාධිපතිවරණයෙන් පසු යාපනයේ ඇතැම් පිරිස්‌ යුද හමුදාවට එරෙහිව කටයුතු කරන බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අවධාරණය කළ මේජර් ජෙනරාල් අල්විස්‌ යුද හමුදා හා සාමාන්‍ය ජනතාව අතර මනා සහයෝගයක්‌ පවතින බව ද පැවසීය.

කෙසේ නමුත් පසුගිය රජපක්ෂ පාලන සමයේ කූප්‍රකට සුදුවෑන් කල්ලිය මෙහෙයවනු ලැබුවේ මෙම ජගත් අල්විස් නම් නිලධාරියා විසින් බවට චෝදනාවක්ද වෙයි. එමෙන්ම විදේශ ගතව සිටි මෙම නිලධරියා ජනාධිපතිවරණ සමයේදී හදිස්සියේ මෙරටට ගෙන්වා ගෙන යපනයේ ආඥාපතිලෙස පත් කර යැවීමට රාජපක්ෂ වරු කටයුතු කළේ උතුරු පළාත තුල යම භීෂණ කාරී වතාවරණයක් ඇති කර එම ජනතාව ඡන්දය දීමෙන් වලක්වා ගැනීමට බවද එවකට විපක්ෂය චෝදනා කළේය.

එහෙත් මේ වන විට මෙම මෛත්‍රීපාලනය වෙනුවෙන්ද රාජපක්ෂවරුන්ගේ මිලිටරි පාලන ක්‍රමය සාධාරණීය කරණය කිරීම වෙනුවෙන් පෙනී සිටී. උතුරේ සාමාන්‍ය ජන ජීවිතයට ආරක්ෂක හමුදාවන්ගේ මැදිහත්වීම එම ජනතාව දැඩිව ප්‍රතික්ෂේප කිරීම පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිපළයෙන්ද පැහැදිලි විය.

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us