චීනෙන් වෙනස්කමක් නෑ සහය දිගටම

Published in පුවත්
Saturday, 07 February 2015 08:57

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ඉදිරියටත් චීන රජයේ උපරිම දායකත්වය ලබාදෙන බව චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත චීන සහකාර විදේශ අමාත්‍ය ලියු ජියාන් චෝවු (Liu Jian Chao) මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ කියා සිටියේය.

දෙදින නිල සංචාරයක්‌ සඳහා දිවයින ට පැමිණ සිටින ජියාන් චෝවු මහතා ඊයේ (06 වැනිදා) පෙරවරුවේ දී ජනපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්‌ථාවේදී මේ බව කීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය පිළිබඳ පළමුව චීන රජයේ සුබපැතුම් පළ කළ ඒ මහතා චීනයේ ජාතික සඟරා දෙකකම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය පිළිබඳ ඉතා ධනාත්මක අයුරින් වාර්තා කර තිබූ බවද කියා සිටියේය.

මෙහිදී අදහස්‌ දක්‌වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ චීනය සහ ශ්‍රී ලංකාව ඉතා ඓතිහාසික මිතුදමකට උරුමකම් කියන බවයි. එසේම චීන-ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඉදිරියේදී තවදුරටත් ශක්‌තිමත් කර ගැනීමට අපේක්‍ෂා කරන බවද ජනපතිවරයා මෙහිදී කීය.

අතීතයේ සිට විවිධ අවස්‌ථාවලදී චීන රජය ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගයද කෘතවේදීව සිහිපත් කළ ජනාධිපතිවරයා විශේෂයෙන්ම පසුගිය යුද ජයග්‍රහණය සඳහා ලබාදුන් සහායද අගය කළේය.

ඉදිරියේදීද ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා චීන රජය සිය උපරිම දායකත්වය ලබාදෙනු ඇති බවටද මෙහිදී විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජන සිදුකරන ලෙස චීන රජයට මෙන්ම එරට පෞද්ගලික ආයෝජකයින්ටද ඇරයුම් කළේය.

එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම මාර්තු මස අගදී චීනයේ නිල සංචාරයක නිරතවීමට නියමිත අතර එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්‌තිමත් කර ගැනීමට අදාළ සාකච්ඡා රැසක්‌ පැවැත්වෙන බවද මෙහිදී සඳහන් කෙරිණි.

චීන සහකාර විදේශ ඇමැතිවරයා සමග චීන තානාපතිවරයා ඇතුළු එරට නියෝජිත පිරිසක්‌ද මෙම සාකච්ඡාවට එක්‌ව සිටියහ.

ජනාධිපති විදේශ කටයුතු පිළිබඳ උපදේශක ආචාර්ය ජයන්ත ධනපාල, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චිත්‍රාංගනී වාගීශ්වර යන මහත්ම මහත්මීහු ඊට සහභාගි වූහ.

- divaina

Leave a comment

 

ld add copy

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us