යුද්ධය ගැන පරීක්ෂණ පැවැත්විය යුත්තේ තව අවුරුදු 30 කින් - දයාන්ගේ අලුත් මතය

Published in පුවත්
Friday, 06 February 2015 21:22

දේශ සීමා උල්ලංඝණය නොකර රට තුළ සිවිල් යුද්ධයක් ජයග්‍රහණය කිරීමෙන් පසු ඉතා කෙටි කාලයක් තුළ ඒ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීම ලෝකයේ කිසිදු රටක සිදු නොවන්නක් බව ආචාර්ය දයාන් ජයතිලක මහතා මහතා පවසයි.

යුද්ධයක් වැනි ඛේදනීය අත්දැකීමක් සම්බන්ධයෙන් ඉතිහාසය තුළ පශ්චාත් පරීක්‍ෂණ පැවැත්වූයේ වසර තිහ හතළිහක් ගතවීමෙන් පසුව බවත් එවැනි වටපිටාවක් තුළ අමෙරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යයන්ගේ අරමුණ තේරුම් නොගෙන වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවත් ජයතිලක මහතා පෙන්වා දෙයි.

එවැනි තත්ත්වයක් තුළ අන්තර්ජාතික පරීක්‍ෂණයකට සහය දෙමින් අභ්‍යන්තර පරීක්‍ෂණයක් සිදුකිරීමද රටේ ඉදිරි දේශපාලනයට යෝග්‍ය නොවන බවත් අද පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවකට ප්‍රකාශයක් දෙමින් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

එළඹෙන මාර්තු මස ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ලංකාවට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව සම්බන්ධයෙන්ද ජයතිලක මහතා අදහස් දැක්වීය එහිදී ජගත් මානව හිමිකම් සංවිධානය සිදුකිරීමට නියමිත අන්තර්ජාතික පරීක්‍ෂණය පිළිබඳ වත්මන් ආණ්ඩුවේ ස්ථාවරය පිළිගත නොහැකි බව ආචාර්ය දයාන් ජයතිලක මහතා පැවැසීය.


විදේශ ප්‍රතිපත්තිය සකස් කිරීමේදී අචල මිත්‍රයන් සහ අස්ථාන චෝදනා එල්ල කරන්නන් සම්බන්ධයෙන් මනා අවබෝධයකින් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බවත් ශ්‍රී ලංකාව වැනි රටකට අචල මිත්‍රයන් වන දෙමළ ඩයස්පෝරාව ක්‍රියාත්මක නොවන රටවල් සමග කටයුතු කිරීමේදී විනිවිදභාවයකින් යුක්තව ක්‍රියා කළ යුතු බවයි ජයතිලක මහතා පෙන්වා දෙන්නේ.

අසල්වැසි ඉන්දියාවේ, ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වන දසලක්ෂ හැත්තෑදහසක පමණ දෙමළ ජනතාවක් වාසය කරන බවද අමතක නොකළ යුතු බවයි ඔහු අවධාරණය කළේය.

Last modified on Friday, 06 February 2015 21:33

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us