එහි අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්.ඒ. ඩග්ලස් මහතා සඳහන් කළේ කිරිපිටි සහ තිරිඟු පිටි තවමත් පැරණි මිලටම අලෙවි කරන බවට දිවයිනේ ප‍්‍රදේශ රැසකින් පැමිණිලි ලැබී ඇති බවය.
රජය පසුගියදා ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් ග‍්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 61 කින් අඩු කිරීමට තීරණය කෙරුණි. ඒ අනුව ග‍්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල වන්නේ රුපියල් 325 කි. මේ අතර තිරිඟු පිටි කිලෝග‍්‍රෑමයක මිලද රුපියල් 12. 50 කින් අඩු කිරීමට රජය පියවර ගනු ලැබීය.
තවමත් ව්‍යාපාරිකයින් පැරණි මිලටම කිරිපිටි සහ තිරිඟු පිටි අලෙවි කරන බවට පාරිභෝගිකයින් පැමිණිලි කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පැවසුවේය.