නොයෙල් මුදලිගේව පි‍ටුවහල් කරයි

Published in පුවත්
Thursday, 05 February 2015 10:08

රටින් පිටවීමේ නියෝගය නිකුත් කිරිම සඳහා ගුවන් ටිකට් පත රැගෙන එන ලෙස නොයෙල් මුදලිගේ නම් ඕස්ට්‍රේලියානු පුරවැසියා නොහොත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් හට දැනුම්දී ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

රටින් පිටවීම සඳහා අවශ්‍ය ගුවන් ටිකට් පත රැගෙන පැමිණි පසු ඔහුට එරෙහිව අදාළ නියෝගය නිකුත් කරන බව ආගමන විගමන පාලක නිහාල් රණසිංහ මහතා සඳහන් කළේය.

කුමාර් ගුණරත්නම් මහතා නොයෙල් මුදලිගේ නමින් සංචාරක වීසා මත මෙරටට පැමිණ දේශපාලන කටයුතුවල නිරතවන බවට තම දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී තහවුරු වී ඇති බවද ඔහු සඳහන් කළේය.

මේ වනවිට නොයෙල් මුදලිගේ මහතාගේ වීසා කාලසීමාවද ඉක්ම ගොස් ඇති බව ආගමන විගමන පාලක නිහාල් රණසිංහ මහතා සඳහන් කළේය.

කුමාර් ගුණරත්නම් මහතාට මෙරට දේශපාලනය කිරීමේ අයිතිය තිබිය යුතු බවට එම පක්ෂය විශාල විරෝධතා ව්‍යාපාරයක්ද සිදු කරමින් තිබේ. ඒ කෙසේ නමුත් නොයෙල් මුදලිගේ නමින් වන ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය අත්හැරීමට ගුණරත්නම් මහතා සූදානම් නොවීම මෙරට ආගමන විගමන නීතිය යටතේ ඔහුව පි‍ටුවහල් කිරීම අනිවාර්ය වී තිබෙන බවද හෙළිවෙයි.

එසේ නොමැතිව ඔහුට මෙරට දේශපාලනය කිරීමේ කිසිදු බාධාවක් පවතින පාලනයෙන් එල්ලවී නැති බවත් එම දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් පවසයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us