මහමැතිවරණයේ ජනපති නිර්පාක්ෂිකයි - මංගල

Published in පුවත්
Thursday, 05 February 2015 10:03

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසිදු දේශපාලන පක්ෂයක මැතිවරණ කටයුතුවලට සම්බන්ධ නොවී නිර්පාක්ෂිකව කටයුතු කිරීමේ එකඟතාවයක් පවතින බව විදේශ අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කරයි.

තමන් ලබා දුන් පොරොන්දු ඒ ආකාරයටම ඉටු කරන පුද්ගලයෙක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ වන විටත් මුළු ලෝකයටම ආදර්ශයක් ලබා දී ඇති බව පැවසූ අමාත්‍යවරයා, ඒ අනුව එතුමා ඉදිරි මහ මැතිවරණයේ දී කිසිදු දේශපාලන පක්ෂයක වේදිකාවට ගොඩ නොවී කටයුතු කරනු ඇතැයි තමන්ට විශ්වාස බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා  බීබීසී සංදේශය සමග  සාකච්ඡාවකට එක් වෙමිනි ප්‍රකාශ කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය දෙන බවට විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කොට තිබුණි.

‘පිළිකුල් සහගත විදේශ සේවයක්’


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින බොහෝ දෙනා ජනාධිපතිවරයාට විවිධාකාරයේ චෝදනා ඉදිරිපත් කරමින් ඔහු පරාජය කිරීමට කටයුතු කළ අවස්ථාවේ ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටි එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන්ට කිසිදු හානියක් වන ආකාරයෙන් ජනාධිපතිවරයා ඉදිරි මැතිවරණයේදී කටයුතු නොකරනු ඇතැයි තමන්ට විශ්වාස බව අමාත්‍යවරයා සඳහන් කළේය.
විදේශ අමාත්‍යංශයේ කටයුතු පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, තමන්ට භාර ගැනීමට සිදුවූයේ ලෝකයේ පිළිකුල් සහගත තත්වයකට පත් වූ විදේශ සේවයක් බවයි.


ශ්‍රී ලංකාවේ ප්‍රධාන තානාපති කාර්යාල 66 න් 32 කම සිටියේ දේශපාලන බලපෑම් මත පත් කරන ලද නුසුදුස්සන් බව පැවසූ අමාත්‍යවරයා, ඔවුන් වහාම යළි සියරට කැඳවා ඊට විදේශ සේවයේ පළපුරුදු නිලධාරීන් යොමු කිරීමට මේ වන විටත් කටයුතු කරමින් සිටින බව සඳහන් කළේය.


දේශපාලන පත්වීම් ලද දෙවන පෙළ හා තුන්වෙනි පෙළ තානාපති නිලධාරීන් තවමත් නැවත කැදවා නැත්තේ ඇයි දැයි විමසූ විට අමාත්‍යවරයා කියා සිටියේ, සියළු දෙනා එකවර ඉවත් කිරීමෙන් තානාපති කාර්යාලවල කටයුතු පවත්වාගෙන යාමට නොහැකි වන බැවින් ඔවුන් ක්‍රමානුකුලව නැවත කැඳවන බවයි.

යුද අපරාධ චෝදනා


ලබන මස එළිදැක්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ යුද අපරාධ පරීක්ෂණ වාර්තාවට මුහුණ දීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේදැයි විමසූ විට විදේශ අමාත්‍යවරයා කියා සිටියේ, විශ්වසනීය අභ්‍යන්තර පරීක්ෂණයක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ මූලධර්මය යටතේ මේ වන විට සාකච්ඡා සිදුකරමින් සිටින බවයි.
යුද අපරාධ සම්බන්ධයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයකු ජාත්‍යන්තර අධිකරණයට ගෙන යාමට ශ්‍රී ලංකාව ඉඩ නොතබන බවද අමාත්‍ය මංගල සමරවීර සඳහන් කළේය.


යුද අපරාධ පරීක්ෂණයක් ඉල්ලමින් යෝජනාව ඉදිරිපත් කළ රටවල් සමගද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව පැවසූ අමාත්‍යවරයා, දේශීය පරීක්ෂණයකට ඔවුන්ගේ සහාය ඉල්ලා සිටි බවත් සඳහන් කළේය.


ප්‍රායෝගික විදේශ ප්‍රතිපත්තියක් තිබේ නම් බටහිර ලෝකයට පිටුපෑමට නොහැකි බව පැවසූ අමාත්‍ය සමරවීර, වර්තමාන රජය ඉන්දියාවට ලැදි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට එල්ල වෙන චෝදනාව ප්‍රතික්ෂේප කළේය.


ඉන්දියාව සමග මෙන්ම චීනය සමගද සම්බන්ධතා ශක්තිමත් කිරීමට කටයුතු කරන බවයි ඔහු පැවසුවේ. මාර්තු මාසයේ චීනයේ සංචාරයක නියැලීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වන බවද ඔහු සදහන් කළේය.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පවුල්වාදයට විරුද්ධව හඬ නගා වර්තමාන ජනාධිපතිවරයාගේ සොහොයුරකු අමාත්‍යවරයා යටතේ ඇති ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට පත්කිරීම පිළිබඳව සංදේශය කළ විමසීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා අැත්තේ අදාල තනතුර සඳහා අවශ්‍ය සියළු සුදුසුකම් ඔහු සතු බවයි

(බීබීසී සංදේශය)

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us