දේශපාලන අනාත පෙරමුණ හබක් !

Published in පුවත්
Thursday, 05 February 2015 08:33

හිටපු ජනාධිපතිවරයා අගමැති අපෙක්ෂකයා කර ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීම වෙනුවෙන් අද දින ගොඩ නැඟීමට තැත් කළ දේශපාලන අනාතයන්ගේ පෙරමුණ අත් හැර දැමීමට එම පාර්ශ්ව අදහස් කර ඇතැයි වාර්තාවේ.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර, දිනේෂ් ගුණවර්ධන ආදී පිරිස මෙම උත්සහයෙහි නිරතව සිටියේය. එහෙත් මේ පිස්සු වැඩක් යැයි කියමින් හිටපු ජනාධිපතිවරයා විසින් එම අදහසට එකඟ වූයේ නැත.

කෙසේ නමුත් ඊයේ වාසුදේව නානයක්කාර මහතාගෙන් කළ විමසීමකදී පැවැසූවේ නව පෙරඹුණක් ගොඩ නැඟීමේ අදහස අත් හැරිය බවය. එමෙන්ම උදය ගම්මන්පිල මහතාද අද පුවත් පතකට ප්‍රකාශ කර ඇත්තේ ද එම අදහස අත්හැරිය නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපෙක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂව නම් කිරීම සඳහා උත්සහ ගන්න බවය.

කෙසේ නමුත් මේවන විට මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා සන්ධානයේ අගමැති අපේක්ෂකයා වීමට කිසිදු ඉඩක් නිර්මානය වී නොමැත. එමෙන්ම මේවන විටත් ආණ්ඩු විරෝධී ස්ථාවරයක පසුවන ඉහත කී දේශපාලකයන්ට නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබා ගැනීමේ ඉඩක්ද නොපවතින අතර බොහො විට එම සන්ධානය විසුරුවා හැර ශ්‍රී ලනීපය වෙන්ම මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us