පොදු රාජ්‍ය මණ්ඩලයේ යෝජනා රැසක් දින සියයේ -කමලේෂ් ශර්මා

Published in පුවත්
Tuesday, 03 February 2015 08:35

වත්මන් රජයේ දින සියයේ වැඩපිළිවෙල පිළිබඳ පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කමලේෂ් ශර්මා මහතාගේ දැඩි ප‍්‍රසාදයට ලක්ව අැත. පොදු රාජ්‍ය මණ්ඩලය අපේක්ෂා කළ කරුණු කාරණා රැසක් ඊට ඇතුළත්ව තිබීම සතුටට කරුණක් බව ඔහු ප‍්‍රකාශ කළේය. ඒ තුළින් ශ‍්‍රී ලංකාව නව වෙනසක් කරා ගමන් කරනු ඇති බවද ඔහු ප‍්‍රකාශ කළේය.

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරයා ඊයේ (02)පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේදී මේ බව ප‍්‍රකාශ කළේය.

කොමිෂන් සභා පත් කිරීම, මාධ්‍ය නිදහස තහවුරු කිරීම, මන්ත‍්‍රී ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීම, තොරතුරු දැන ගැනීමේ පනත ඉදිරිපත් කිරීම ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලයේ යෝජනා රැසක් නව රජයේ දින සියයේ වැඩපිළිවෙලට ඇතුළත්ව තිබීම ඉතා හොඳ තත්ත්වයක් බව ඔහු පවසා ඇත. පසුගිය ජනාධිපතිවරණය සාමකාමී සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයුරින් අවසන් කර නව පාලන තන්ත‍්‍රයක් රට තුළ ඇති කිරීමට කටයුතු කිරීම පිළිබඳව ද මෙහිදී මහලේකම්වරයා ස්තූතිය පළ කර අැත. එහිදී නිරීක්ෂණ කටයුතු සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ නියෝජිතයින් සහභාගී වූ අතර මැතිවරණ කොමසාරිස්වරයා අතර ද නිරන්තර සාකච්ඡා පවත්වමින් ලබා දුන් දායකත්වය ද ඔහු සිහිපත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කලේය.

පොදු රාජ්‍ය මණ්ඩලයීය ආරම්භක සාමාජිකයෙකු ලෙස පොදු රාජ්‍ය මණ්ඩලයීය සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ලැබීම පිළිබඳ සතුටුවන බව මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේය. ශ‍්‍රී ලංකාවට අන්තර්ජාතික සබඳතා ඉතා වැදගත් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පොදු රද මඩුලූ සහාය තුළින් එම සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි ද පවසන ලදී. යුද්ධය නිමවීමත් සමග අභියෝග රැසක් මතුව තිබෙන බැවින් ජනතාව අතර විශ්වාසය දැඩි කර අනවබෝධය දුරු කිරීමට කටයුතු කළ යුතු බවත්, ඊට පොදු රාජ්‍ය මණ්ඩලයේ සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මීළග පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුව මෝල්ටා රාජ්‍යයේ පැවැත්වෙන අතර ඊට ශ‍්‍රී ලංකා ජනාධිපති ප‍්‍රමුඛ නව රජයේ සහාය අපේක්ෂා කරන බවද කමලේෂ් ෂර්මා මහතා එහිදී පවසා අැත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us