එජාපයට තවම යහපාලනය පුරුදු නෑ

Published in පුවත්
Tuesday, 03 February 2015 09:05

වත්තල ප්‍රාදේශීය සභාව තුළ සිදුවූ මැර ප්‍රහාරය පිළිබඳව ඊයේ (02) පැවති බස්නාහිර පළාත් සභා රැස්වීමෙදී විශේෂ ප්‍රකාශයක් කළ පළාත් සභා මන්ත්‍රී මෙරිල් පෙරේරා මහතා (එ.ජ.නි.ස) මේ තුච්ඡ පහරදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහපාලන අපේක්ෂාව බිඳ දැමීමක් බවද එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරුන්ට යහපාලන හුරු නැති බව මෙවැනි සිද්ධීන්වලින් හොඳින් පැහැදිලි වන බවද කියා සිටියේය.

සිද්ධිය හා සම්බන්ධ විස්තර ඇතුළත් ලියවිල්ලක් මන්ත්‍රීවරයා විසින් සභාගත කරන ලද අතර සිද්ධිය සැලවූ අවස්ථාවේදී මහ ඇමැතිතුමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දුරකථනයෙන් දැනුම්දුන් බවද එතුමා මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන බවට පොරොන්දු වූ බවද ඒ පිළිබඳ අපි අපේ පක්ෂනායක ජනාධිපතිවරයාට අපේ ස්තූතිය පුද කරන බවද කීය.

මෙරිල් පෙ‍රේරා මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට එම ධුරයෙන් ඉවත් වන ලෙසට පසුගිය කාලයේ තර්ජන කිරීම් සිදුවූ අතර ජෝන් අමරතුංග ඇමැතිවරයා සහ කීප දෙනෙකු පණිවිඩද එවා තිබිණි. මේ පිළිබඳ සභාපතිවරයා වත්තල පොලිසියට පැමිණිල්ලක් කර ඇත. පසුදින සභා රැස්වීම නොපවත්වන ලෙස තර්ජනය කරන බව එම පැමිණිල්ලේ සඳහන් කළ අතර කිසියම් සිද්ධියක් ඇතිවුවහොත් ඊට ඔවුන් වගකිව යුතු බවත් සඳහන් කර තිබේ. තම ජීවිතයට හානියක් වුවහොත් මෙම තුන්දෙනා ඊට වගකිවයුතු බවද පැමිණිල්ලේ සඳහන් ය.

පසුදින එනම් 30දා වත්තල ප්‍රාදේශීය සභාව ඉදිරිපිටදී ජෝන් අමරතුංග ඇමැතිවරයා පිළිගැනීමට යැයි පවසා උත්සවයක් පවත්වා ඇති අතර එයට ජෝන් අමරතුංග මහතා පැමිණ ඇත්තේ ප්‍රදේශයේ පොලිස් අධිකාරිවරයා සමඟය. ප්‍රාදේශීය සභාව ආරම්භ කිරීමට තිබුණේ පෙරවරු 9.30ට වන අතර ඇමැතිවරයා උත්සවයට පැමිණියේ 9.00 පමණය. එහිදී ඔහු රැස්වීම පැවැත්වෙන ස්ථානයේ දොර අසලට ගොස් එම රැස්වීම පවත්වා එහිදී ඔහු කළ ප්‍රකාශය මෙසේ ය.

9.30 ප්‍රාදේශීය සභා රැස්වීම පටන්ගන්නවා. මන්ත්‍රීවරු ටික ප්‍රාදේශීය සභාවට ඇතුල් කරන්න. තමුන්නාන්සේලා කැමැතිනම් මෙතන රැකලා ඉන්න. ඒගොල්ලන්ව ආරක්ෂා කරන්න. අනතුරුව ඇමැතිවරයා එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර ඔහු පොලිස් අධිකාරි මඟින් වත්තල පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ ආපහු පොලිස් ස්ථානයට යන ලෙසයි. පසුව ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් ගොඩනැගිල්ලෙන් එළියට යවා ඇති අතර වත්තල එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරයාගේ ආධාර කරුවන් ප්‍රධාන කණ්ඩායම ප්‍රාදේශීය සභාවේ දොරකඩාගෙන ඇතුළට පැමිණ සභාපතිවරයාව බලහත්කාරයෙන් ඉවත් කිරීමට කටයුතු යොදාගෙන ඇත.

මෙහිදී දැඩි නොසන්සුන් තත්ත්වයක් ඇතිවී ඇති අතර පොලිසිය මැදිහත්වීමෙන් සභාපතිවරයා ඇතුළුමන්ත්‍රීවරුන් ඉවතට ගෙන ඇත. එසේ ඉවතට යන අවස්ථාවේදී ජෝන් අමරතුංග ඇමැතිවරයාගේ උපදෙස් පරිදි පිටත රැඳී සිටි මැර කණ්ඩායම් පොලිසිය බලා සිටියදීම මේ මන්ත්‍රීවරුන්ට පහරදී ඇත. පහරදීමෙන් තුවාල ලැබූ සභාපති ත්‍යාගරත්න ද අල්විස් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන සනත් පියසිරි , යොහාන් වික්‍රමසිංහ, සහ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී රුක්මන් යන අය තුවාල ලබා රෝහලට ඇතුළත් කරනු ලැබීය.

සිද්ධියෙන් පසුව මතුව ඇතිදැඩි විරෝධය හමුවේ පොලිසිය විසින් පුද්ගලයන් 6දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සෙනසුරාදා ඔවුන්ට ඇප ලබා දී ඇත.මෙම ඇප ලබාදීම සිදුකර ඇත්තේ පහරකෑමට ලක්වූ සභාපතිවරයා සහ මන්ත්‍රීවරුන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීමය. මෙම අත්අඩංගුවට ගත් ඇතමුන් සිද්ධියට සම්බන්ධ අය නොවන බව ප්‍රාදේශීය සභා සභාපතිවරයා සඳහන් කරයි. ජනතාව නොමග යැවීම සඳහා මේ පියවර ගෙන ඇති බවට සාධාරණ සැකයක් ඒ අනුව මතුවේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහපාලනය පිළිබඳ අපේක්ෂාව වචනයට සීමා නොවීමට නම් සභාගර්භය තුළට කඩාවැදී සභාපතිවරයාට හා මන්ත්‍රීවරුන්ට මැරයන් ලවා පහරදුන් සභාවේ පිටත ආරක්ෂාව ඉවත්කොට එම ස්ථානයේ රැඳී සිටි මැරයන්ව උසිගැන්වූ රටේ සාමය භාර ජෝන් ඇමැතිවරයා එම තනතුරින් වහා ඉවත් කළ යුතුය.

මේ අතර , මහජන සාමය ක්‍රිස්තියානි කටයුතු හා ආපදා කළමනාකරණ ඇමැති ජෝන් අමරතුංග මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂය තීරණය කර ඇතැයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැසී ය.

වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසකට පහර දීම ඇතුළු රට තුළ තම පාක්ෂිකයන්ට එරෙහිව සිදුවන මැර ක්‍රියා පිළිබඳව ලබන 10 දින එම යෝජනාව සභාවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ද සිල්වා මහතා කීය.

Leave a comment

 

ld add copy

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us