නාවික හමුදාවේ ප්‍රහාරය ගැන රග්බි සංගමයෙන් පරීක්ෂණයක්

Published in පුවත්
Tuesday, 03 February 2015 09:12

නාවික හමුදා රගර් කණ්ඩායම සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අතර පෙරේදා පස්වරුවේ වැලිසර නාවික හමුදා කඳවුරු ක්‍රීඩා පිටියේ පැවැති අන්තර් සමාජ පළමුපෙළ රග්බි තරගයෙන් පසුව තරග තීරකවරුන්ට හා හැව්ලොක්ස් පිලේ ක්‍රීඩකයන්ට නාවික හමුදා කණ්ඩයමේ නිළධාරීන් හා ක්‍රීඩකයන් ගෙන් සිදුවූ පහරදීම සම්බන්ධව කඩිනමින් පරික්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා රග්බි සංගමය පවසයි.

මේ තරගයෙන් හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ලකුණු 18-10ක ජයක් වාර්තා කළ අතර තරගයේ අගභාගයේ දී නාවික හමුදාවට ක්‍රීඩා කළ විදේශ ක්‍රීඩකයකු නීතිවිරෝධි ක්‍රීඩා රටාවක නිරතවීම හේතුවෙන් පිටියෙන් ඉවත් කිරීමට තරග තීරකවරයා පියවර ගැනීමත් සමග ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත වූ බවත්, පසුව තරග තීරකවරයකු ලෙස කටයුතු කළ මහේෂ් සේනානායක මහතා ඇතුළු දෙදෙනකුට කළ පහරදීමකින් ඔවුන් සුලු තුවාල ලැබූ බවත් ඊයේ පුවත්පත් වාර්තා කර තිබිණි.

මෙහිදී හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් දැඩි ආරක්ෂාව මැද වැලිසර නාවික හමුදා කඳවුරු භූමියෙන් ඉවත්කර තිබේ. මේ පිළිබඳ තරග තීරකවරුන්ගෙන් හා ක්‍රීඩකයන්ගෙන් තොරතුරු විමසීමට බලාපොරොත්තු වන බව සඳහන් කළ ශ්‍රි ලංකා රගර් සංගමයේ ලේකම්වරයා ඉදිරි දින කිහිපය තුල දී රගර් සංගමයේ විනය කමිටුව මගින් මේ ගැටුම පිළිබඳ විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත බව කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us