බැසිල් රාජපක්ෂ තව සති 2කින් ලංකාවට

Published in පුවත්
Tuesday, 03 February 2015 09:37

මේ වන ඇමරිකාවේ සිය නිවසට වී සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පෙබරවාරී 17 වන දා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව ඒ මහතාව සමීප ආරංචි මාර්ග පවසයි.

ඔහු තවදුරටත් මෙරට දේශපාලන කටයුතුවල නිරතවීමේ අපේක්ෂාවෙන් පසුවන බවත් එහිදී ශ්‍රීලනීපයෙන් එම අවස්ථාව නොලැබුණ හොත් එක්සත් ජාතික පක්ෂයෙන් හෝ දේශපාලනය කිරීමට සූදානමින් පසුවන බවත් වැඩිදුරටත් දැන ගැනීමට ඇත.

කෙසේ නමුත් මේවන විට දැන ගැනීමට ඇති තොරතුරු අනුව ශ්‍රීලනීපයෙන් බැසිල් රාජපක්ෂ මහතාට ඉදිරි මහ මැතිවරණය සඳහා නාමයෝජනා නොලැබෙනු ඇත. ඊට බලපා ඇත්තේ වත්මන් ජනාධිපතිවරයාගේ බැසිල් විරෝධී ස්ථාවර බව ශ්‍රිලනීප ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම රාජපක්ෂ පවුලේ මතය වී ඇත්තේද ජනාධිපතිවරණ පරාජයට හේතුව බැසිල් රාජපක්ෂ බවය. විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ හා යෝෂිත රාජපක්ෂ මේ සම්බන්ධයෙන් දැඩි මතයක සිටින අතර බැසිල් රාජපක්ෂ යළි ශ්‍රී ලංකාවට පැමිණ දේශපාලනයෙහි නිරතවීම සම්බන්ධයෙන්ද ඔවුන් දැනටමත් දැඩි විරෝධයක් දක්වා තිබේ.

කෙසේ නමුත් බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණ පසුගිය මැතිවරණ ව්‍යාපාරය හා ඔහුගේ වත්මන් දේශපාලන ස්ථාවරය ගැන මාධ්‍ය හමුවක් පැවැත්වීමටද සුදානමින් පසුවන බවත් දැන ගැනීමට ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us