කි.මී. 5000ක් තරම් දුර ගමන් කළ හැකි අග්නි 5 බ්ලැස්ටික මිසයිලයක් ට්‍රක් රථයක අටවා කක්ෂගත කර ඇත්තේ ප්‍රථම වතාවට බව ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානයේ ප්‍රකාශකයෙක් අනාවරණය කර තිබේ.
මෙම මිසයිලය ක්‍රියාත්මක කර ඇත්තේ ඉන්දියාවේ නැඟෙනහිර වෙරළෙන් ඔබ්බේ බෙංගාල බොක්කේ වීලර් දූපතේ සිටයි. අග්නි 5 මිසයිලය දිග මීටර් 17කි. බර ටොන් 5කි.