ISIS සටන්කාමීන් බාරයේ සිටි ගුවන් නියමුවා මරා දමයි

Published in විදෙස්
Wednesday, 04 February 2015 08:25

ජෝර්දාන ගුවන් නියමුවකු පණ පිටින් පුළුස්සා දැමෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ISIS සටන් කාමීන් විසින් අන්තර්ජාලයට මුදා හැර තිබේ.

කූඩුවක සිර කර සිටින පුද්ගලයකු ගින්නෙන් වෙළෙන අයුරු වීඩියෝවේ දැක්වේ.

පසුගිය දෙසැම්බර් මාසයේදී ලුතිනන් මොආස් අල් කසාබේ නමැති මෙම ගුවන් නියමුවා පියාසර කළ ගුවන් යානය සිරියාවේදී අනතුරට පත් වීමත් සමග ඔහු ISIS සටන්කරුවන්ගේ සිරභාරයට පත් විය.

මෙම ගුවන් අනතුර සිදු වූයේ ISIS සටන්කරුවන්ට එරෙහිව සිදු කරනු ලබන ඇමරිකානු ප්‍රහාරවලට සහාය ලබා දෙමින් සිටියදීයි.

ගුවන් නියමුවාගේ මරණය ස්ථීර ලෙස සිදු වී ඇති බව ප්‍රකාශ කළ ජෝර්දාන රජයේ රූපවාහිනිය, මීට මසකට පෙර ඔහු මරා දමා ඇති බව පවසයි.

සිරකරුවන් හුවමාරු කර ගැනීමක් ඔස්සේ ලුතිනන් අල් කසාබේ නිදහස් කර ගැනීමට ජෝර්දාන රජය උත්සාහ කළේය.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us