ගුවන් යානයක් තායිපේ ගඟට කඩා වැටේ (video)

Published in විදෙස්
Wednesday, 04 February 2015 12:12

58 දෙනෙකු රැගත් ට්‍රාන්ස් ඒෂියා ගුවන් යානයක් තායිවාන අගනගරයේ තායිපේ ගංඟාවට කඩාවැටී තිබේ.

දැනට වාර්තාවන අයුරින් මෙම අනතුරින් 9 දෙනෙකු මියගොස් ඇති අතර මේ වන විටත් තායිවාන සහන හමුදා විසින් අනතුරට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භකර තිබෙනවා. කාර්යමණ්ඩලය 5 දෙනෙකු ඇතුලු 58 දෙනෙකු මේ යානයේ ගමන්ගෙන ඇති අතර ඒ අතරින් 31 දෙනෙක් චීන ජාතිකයින්.

ඒ වගේම ඇසින් දුටුවන් පවසන පරිදි යානය කඩා වැටෙන අවස්ථාවේම පුද්ගලයින් දෙදෙනකුගේ සිරුරු පොළවට පතිත වී ඇති අතර ගුවන් යානය ගැටීමෙන් කුලී රථයකටද හානි සිදුවී ඇත.

මීට මාස 7කට පමණ පෙරත් මේ ලෙස ට්‍රාන්ස් ඒෂියා ගුවන් යානයක් අනතුරට පත්වූ අතර, තායිපේ සිට පෙන්ගූ දක්වා ගමන් ගත් Flight 222 යානය එලෙස අනතුරට පත් උනා. එම අනතුරින් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us