subash

subash

නව රජයේ අතුරු අයවැය මගින් කැසිනෝ ව්‍යාපාරිකයින්ගෙන් එක් කැසිනෝ බලපත්‍රයක් සඳහා රුපියල් මිලියන 1000 ක විශේෂ බද්දක් අය කිරීමට තීරණය කිරීම හමුවේ මෙරට කැසිනෝ ව්‍යාපාරික කටයුතු කරන ධම්මික පෙරේරා සහ රවී විජේරත්න යන ව්‍යාපාරිකයින් සිය කැසිනෝ සූදු පොළවල් කිහිපයක් වසා දැමීමට තීරණය කර ඇතැයි අනාවරණය වේ.

ත්‍රිවිධ හමුදාවට පොලිස් බලතල පවරන ජනාධිපති රෙගුලාසි වලට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ගොනු කළේය.

වැලිකඩ බන්ධනාගාරයේදී 2012 වසරේ නොවැම්බර් මස 9 වැනිදා සිදුවූ කළහකාරී සිද්ධියේදී රැඳවියන් 27 දෙනෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් යහපාලනයක් සඳහා වූ නීතීඥයෝ සංවිධානයේ නීතීඥයින් පිරිසක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඉන්දියාවේ සමරිසියන්ගේ වාර්ෂික පෙළපාලිය පසුගියදා මුම්බායි නුවරදී පැවැත් උනා. Queer Azaadi Mumbai නම් සමරිසි සංවිධානය  මෙම පෙළපාලිය 2008 වර්ෂයේ සිට අඛණ්ඩව පවත්වා තිබේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්නායක මහතා අද (02)දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා යටතේ පැවති මහාමාර්ග අමාත්‍යාංශය පසුගිය වසරේදී රුපියල් කෝටි 5000 කට අධික මුදලක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සදහා වැය කර ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි මහාමාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන ඇමති කබීර් හෂීම් මහතා පැවසුවේය.

ඊයේ (01) නාවික හමුදා හා හැව්ලොක් රග්බි කණ්ඩායම අතර වැලිසර පැවැති රග්බි තරගයෙන් නාවික හමුදා කණ්ඩායම පරාජය වීමෙන් අනතුරුව එම කණ්ඩායමේ කිහිප දෙනෙකු විසින් එම තරගයේ විනිසුරුවරුන්ට හා ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට පහර දී ඇති බව වාර්තාවේ.

ලෝකයේ ප්‍රමුඛ පෙළේ සමීක්ෂණ ආයතනයක් වන YouGov ආයතනය ලෝකේ ගෞරවනීයම කාන්තාවන් කවුදැයි තේරීම සඳහා සමීක්ෂණයක් සිදු කරනු ලැබුවා.

එල්ටීටීඊ සංවිධානය හා රාජපක්ෂ පවුල අතර තිබුණු රහස් සම්බන්ධතා හෙළි කිරීමට රජය සූදානම් වේ. 2005 ජනාධිපතිවරණයේදි එල්ටීටීඊ සංවිධානයට මුදල් ලබා දීමත් 2010 ජනාධිපතිවරණයේදී එම සංවිධානයේ සහය ලබා ගැනීමත් ඇතුළුව රාජපක්ෂ පවුලේ සාමාජිකයන් එම සංවිධානයේ ප්‍රබලයන් සමඟ පැවැත්වූ සම්බන්ධතා මෙහිදී හෙළිදරව් කිරීමට නියමිතය.

සරණට රට යන්න තහනම්

Published in පුවත්
Monday, 02 February 2015 11:52

අල්ලස් කොමිසමේ ඉල්ලීම මත කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනගේ විදේශ ගමන් බලපත‍්‍රය අත්හිටුවා ඇත.

Connet With Us