ලෝකේ ගෞරවනීයම කාන්තාවන්

Published in අනං මනං
Monday, 02 February 2015 12:05

ලෝකයේ ප්‍රමුඛ පෙළේ සමීක්ෂණ ආයතනයක් වන YouGov ආයතනය ලෝකේ ගෞරවනීයම කාන්තාවන් කවුදැයි තේරීම සඳහා සමීක්ෂණයක් සිදු කරනු ලැබුවා.

රටවල් විසිතුනක ජනතාව සහභාගී වූ මෙම සමීක්ෂණයේදී ගෞරවනීයම කාන්තාවන් අතර පෙරමුණ ගැනීමට ඇන්ජලීනා ජොලී සමත්ව සිටී. මීට අමතරව පසුගියදා නොබෙල් ත්‍යාගය හිමිවූ මලාලා යුසුෆ් දෙවැනි ස්ථානයටත් හිලරි ක්ලින්ටන් තුන්වන ස්ථානයටත් පත්ව තිබෙනවා.

ඇන්ජලීනා මෙහි ප්‍රමුඛතාවය හිමිකරගැනීමට හේතුව වශයෙන් සඳහන් වන්නේ ඇය පසුගිය කාලය තුල යුධ කලාප වල සැරිසැරීම සහ දෙවන ලෝක යුද්ධය අළලා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමයි.

මීට අමතරව බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජින, මිචෙල් ඔබාමා, සෙලීනා ඩයන්,ජූලියා රොබට්ස්, අවුං සං සුකී, ඇන්ජලා මර්කල් යන ප්‍රභල චරිතද ගෞරවනීය කාන්තාවන් දසදෙනා අතරට පිවිසීමට සමත්ව සිටිනවා.

 

ක්‍රීඩා

Connet With Us