ෆිල්ම් ෆෙයාර් උළෙලේදී පීකේ පරදා Queen ඉදිරියට

Published in අනං මනං
Monday, 02 February 2015 10:39

60 වැනි ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල පසුගියදා පැවැත්වුණි. එහිදී හොඳම චිත‍්‍රපටය ඇතුළු සම්මාන 06ක් දිනා ගත්තේ ක්වීන් චිත‍්‍රපටය යි.

එහීදි හොඳමි චිත‍්‍රපටය, හොඳම අධ්‍යක්‍ෂණය, හොඳම නිළිය, හොඳම සංස්කරණය ඇතුළු සම්මාන 06ක් ක්වීන් චිත‍්‍රපටය දිනා ගත් අතර හොඳම නිළිය ලෙස කන්ගනා රනවුට් සම්මානදිනා ගනිද්දී හොඳම නළුවා ලෙස සම්මාන දිනා ගනු ලැබුවේ හේදර් චිත‍්‍රපටයේ රඟපෑ ශහීඞ් කපූර් විසිනි.

මීට අමතරව තාබු සහ කේ.කේ. මෙනන් හොඳම සහය නළුවා සහහොඳම සහය නිළිය ලෙස සම්මාන දිනා ගත්තේ හේදර් චිත‍්‍රපටයේ රංගනය වෙනුවෙනි.

හොඳම නවක අධ්‍යක්‍ෂණය සහ හොඳම සංගීත අධ්‍යක්‍ෂණය වෙනුවෙන් ටූ ස්ටේට්චිත‍්‍රපටයට සම්මාන හිමිවුණ අතර ආදායම් වාර්තා බිඳ හෙලූ පී.කේ චිත‍්‍රපටයට හිමි වුණේ හොඳම තිරරචනය සහ හොඳම දෙබස් යන සම්මාන ද්විත්වය පමණි.

ශාරුක්ඛාන් රඟපෑ හැපි නිව්යර් සහ ප‍්‍රියංකා චොප්රා රඟපෑ මේරි කොම් යන චිත‍්‍රපට කිසිඳු සම්මානයක් දිනා නොගැනීම ද විශේෂත්වයක්.

pk

haider1

Last modified on Monday, 02 February 2015 10:40

ක්‍රීඩා

Connet With Us