පරාජිත නාවික ක්‍රීඩකයන් විනිසුරුවරුන්ට පහර දෙයි !

Published in පුවත්
Monday, 02 February 2015 12:31

ඊයේ (01) නාවික හමුදා හා හැව්ලොක් රග්බි කණ්ඩායම අතර වැලිසර පැවැති රග්බි තරගයෙන් නාවික හමුදා කණ්ඩායම පරාජය වීමෙන් අනතුරුව එම කණ්ඩායමේ කිහිප දෙනෙකු විසින් එම තරගයේ විනිසුරුවරුන්ට හා ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට පහර දී ඇති බව වාර්තාවේ.

ඩයලොග් අන්තර් සමාජ Á' කොටසේ තරගයක් වැලිසර නාවික හමුද ක්‍රෙඩා පිටියේදී පැවැත්විණි.මෙම තරගය හැව්ලොක් කණ්ඩායම 18 - 10 වශයෙන් ජය ගත්තේය.

තරගයෙන් අනතුරුව විනිසුරු නිල කාමරය අසලදී නාවික හමුදා පිලේ ක්‍රීඩා අධ්‍යක්ෂකවරයා වන හෙට්ටිආරච්චි නම් තැනැත්තා හා නාවික හමුද කණ්ඩායම නියෝජනය කරන බෙන්ජා නැමැති ක්‍රීඩකයා බීමතින් පැමිණ තරගයේ ප්‍රධාන විනිසුරුවරයා ලෙස කටයුතු කළ අරුණ රන්කොත්ගේ මහතා සහ සහාය විනිසුරුවන් දෙපළ හා බහින් බස්වීමක් සිදුව තිබේ. මේ අතරදි විනිසුරු සංගමයේ සාමාජිකයකු වන මහේෂ් සේනානායක ඊට මැදිහත් වී ඇති අතර උඹ නේද අයිටීඑන් එකේ ඉඳලා අපේ ලොක්කට කෙළින්න හැදුවේ යැයි කියමින් පහරදීමට උත්සහකර අතර එම අවස්ථාවේදී තවත් කිහිප දෙනෙකු අනෙක් විනිසුරුවරුන්ටද පහරදී තිබේ. ඒ සමතයට පත් කිරීමට ඉදිරිපත් වූ හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන්ටද එම අවස්ථාවේදී ප්‍රහාර එල්ල කර තිබේ.

එමෙන්ම හැව්ලොක් ක්‍රීඩකයන් සිය කාමරය වෙත ගමන් කරනවිට නාවික හමුදා රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයන් හැව්ලොක් කණ්ඩායමේ ක්‍රීඩකයන් පහර දෙනු ලැබීය.

එහිදී දැඩි රාජපක්ෂ වාදියකු වන බෙන්ජා (මොහු නාවික හමුදා කන්තා රග්බි කණ්ඩායමේ පුහුණුකරුවාද වේ) තව මාස තුනකට වඩා තොපිට දඟලන්න දෙන්නේ නෑ ආදි වශයෙන් සිය දේශපාලන පක්ෂපාතිත්වය ද පෙන්වා තිබේ.

කෙසේ නමුත් පසුගිය වසර 5 ක පමණ කාලයක් තිස්සේ නාවික හමුදා කණ්ඩායම තරග ජය ගත්තේ තර්ජනයෙන් ගර්ජනයෙන් මෙන්ම ක්‍රීඩකයන් මිළදී ගැනීමෙන් බව රහසක් නොවේ

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us