මාර්ග සංවර්ධනයේ කෝටි 5000ක් ඡන්ද වැඩට යොදවලා

Published in පුවත්
Monday, 02 February 2015 13:06

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා යටතේ පැවති මහාමාර්ග අමාත්‍යාංශය පසුගිය වසරේදී රුපියල් කෝටි 5000 කට අධික මුදලක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සදහා වැය කර ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි මහාමාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන ඇමති කබීර් හෂීම් මහතා පැවසුවේය.

මෙම අමාත්‍යාංශය ඊට වෙන්කර දී තිබූ මුදල ඉක්මවමින් රුපියල් කෝටි 500ක් පමණ වැඩියෙන් වියදම් කර ඇති බව කී ඇමතිවරයා මේ මුදලින් 70% ක් පමණ නාස්තිකාර වියදම් බවත් සදහන් කළේය.

මැතිවරණ සමයේ සිදුවූ අමතර වියදම් වෙනුවෙන් මේ වන විටත් නිලධාරීන් ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කර ඇති අතර ඒවා අමාත්‍යාංශය විසින් භාර නොගන්නා එම මුදල නිලධාරීන් අතින් ගෙවිය යුතු බවත් පැවසුවේය.

හිටපු ජනපතිගේ මැතිවරණ ව්‍යාපාරය සදහා කළ වියදම් බොහෝමයක් සිදු කරන ලද්දේ වරාය හා මහාමාර්ග අමාත්‍යාංශය මගින් බවත් මේවා අයකර ගැනීම පිළිබදව රවී කරුණානායක මහතා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද කබීර් හෂීම් මහතා පැවසුවේය.

සේ අතර සියලුම මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘති පිළිබදව විමර්ශනයක් සිදු කරන බවද ඇමතිවරයා පැවසුවේය.

ඉකුත් රජය යටතේ ආරම්භ කළ මාතර-බෙලි අත්ත අධිවේගී මාර්ගය ව්‍යාපෘතිය අත්හිටුවනු ලැබූ අතර උතුරු අධිවේගී මාර්ගය ඉදිකිරීම සදහා දේශීය සමාගම් පහකට ලබාදුන් ටෙන්ඩරය අත්හිටුවන ලදැයි අමාත්‍යවරයා සදහන් කළේය

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us