කොළඹදී අද (02) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේ මන්ත්‍රීවරයා අද සවස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවය.
කූඨ ලේඛන සකස් කිරීමේ චෝදනා යටතේ ඔහු කොළඹ බෞද්ධාලෝක මාවතේ දී අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් ව්‍යාජ ලෙස භාවිත කර ලේඛන සකස් කළ බවට මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.
මේ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වලින් පසු නීතිපතිවරයාගේ උපදෙස් මත තිස්ස අත්නායක මහතාව අත්අඩංගුවට ගෙන ඇත.
සබැදි පුවත්