තිස්ස අත්තනායක මහතා ඉදිරිපත් කළ ලිපියේ වන අත්සන් ව්‍යාජ ඒවා බව තහවුරු වුවහොත් තිස්ස අත්තනායක මහතාව අත්අඩංගුවට ගන්නා බව පොළිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.
ජනාධිපතිවරණ සමයේ මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනා අත්සන් කරන ලද බව කියන ගිවිසුමක් පිළිබදව තිස්ස අත්තනායක මහතා විසින් මාධ්‍යය වෙත ඉදිරිපත් කර තිබුණි. මෙවැනි ගිවිසුමක් නොමැති බව හා එම අත්සන් ව්‍යාජ ඒවා බව පවසමින් මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා වහාම පරීක්ෂණයක් ඉල්ලා රහස් පොළීසියට පැමිණිලි කළේය.
එම පරීක්ෂණ වාර්තාව ඉදිරි සතියේ ඉදිරිපත් කිරීමට නියමිතය.
රනිල් - මෛත්‍රී ගිවිසුම බොරුවක්. CID තහවුරු කරයි. තිස්සට නඩු
මෛත්‍රී - රනිල් අත්සන් මගඩියට තිස්ස කොටුවන ලකුණු
මෛත්‍රී, තිස්ස ගෙන් රුපියල් මිලියන 2,500 ක වන්දි ඉල්ලයි