රනිල් - මෛත්‍රී ගිවිසුම බොරුවක්. CID තහවුරු කරයි. තිස්සට නඩු

Published in පුවත්
Saturday, 24 January 2015 07:40

එවකට ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් උතුරු-නැ‍ඟෙනහිර පළාත් සම්බන්ධයෙන් ‍රහස් ගිවිසුමක් ඇති කරගෙන ඇති බවට ඉකුත් ජනාධිපතිවරණ සමයේදී තිස්ස අත්තනායක මහතා ඉදිරිපත් කළ ලියවිල්ල ව්‍යාජ එකක් බවට රහස් පොලිසිය තහවුරු කර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතාගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ අදාළ ලිපිය සම්බන්ධව පරීක්ෂණ පවත්වා රහස් පොලිසිය වාර්තාව අධිකරණයට යවා ඇති බවයි.

රහස් පොලිසිය සපයා ඇති මේ වාර්තාව පදනම්කර ගනිමින් පෙබරවාරි මුල් සතියේ දී බොහෝ දුරට තිස්ස අත්තනායක මහතාට විරුද්ධව නඩුව අඬගැසීමට නියමිතව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

තිස්ස අත්තනායක මහතා මාධ්‍යයට ඉදිරිපත් කළ මේ ගිවිසුම ව්‍යාජ එකක් බවට රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාට පැමිණිලි කළ අතර ඔහු විසින් කරන ලද එම පැමිණිල්ල මත පදනම්ව ගොස් පොලිස් පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය.

 

සැබැඳි පුවත් :

මෛත්‍රී - රනිල් අත්සන් මගඩියට තිස්ස කො‍ටුවන ලකුණු

Last modified on Saturday, 24 January 2015 07:41

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us