හිටපු ආර්යාවගේ හොර රන් ගනුදෙනුව ගැන පැමිණිල්ලක්

Published in පුවත්
Monday, 26 January 2015 12:24
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වූ ශිරන්ති රාජපක්ෂ සම්බන්ධ වූ රත්තරන් ගනු දෙනුවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට පැමිණිල්ලක් ලැබී තිබේ.
මෙම පැමිණිල්ල සිදු කර ඇත්තේ මේවන විටත් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ විසිනි. 
 
ඇය මේ සම්බන්ධයෙන් මාධය හමුවේ කියා සිටියේ තම සැමියා රිමාන්ඩ බන්ධනාගාර ගත කර ඇත්තේ හිටපු ජනාධිපති ආර්යාව සම්බන්ධවූ රත්තරන් කිලෝ සියයක  හොර ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිය සැමියා කල වැටලීමට පලිගැනීමක් වශයෙන් බවය. මෙම රන් තොගයේ වටිනා කම ලක්ෂ 5000ක් බවත් ඇය පවසයි.
 
මෙම ගනුදෙනුව ගැන හෙළි කිරීමට වැලැක්වීමට තම සැමියාටත් පවුලේ සියළු දෙනාටත් රාජපක්ෂවරුන්ගෙන මරණීය තර්ජන එල්ල වූ බවත් ඇය වැඩිදුරටත් පැවැසුවාය
 
 
මෙම රත්තරන් ජාවාරම පිළිබඳව මුල්වරට හෙළි කළ ‘ජනරළ’පුවත්පතට එම පුවත ලබා දුන්නේ කවරෙක්දැයි විශේෂයෙන් සොයා බලන ලෙස හිටපු ජනාධිපතිවරයා තම බුද්ධිඅංශ ප්‍රධානීන්ට නියෝග  කර තිබුණි.
 
එම නියෝගය ප්‍රකාරව ‘ජනරළ’ මුද්‍රණාලය වටලා එහි කතෘ චන්දන සිරිමල්වත්ත මහතාගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කළ ද ඔහුගෙන් කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වීය. 
 
මේ අතරතුර මේ සම්බන්ධයෙන් තොරතුරු පලකළා යැයි සඳහන් වෙබ් අඩවි 2 ක් ලංකාවේ තහනමට ලක් විය. මින් එක වෙබ් අඩවියක කතෘවරයෙක් හට ජනාධිපතිවරයාගේ ඉහත කී පරීක්ෂණ කණ්ඩායම පවසා ඇත්තේ වෙබ් අඩවියේ තහනම ඉවත් කර ගැනීමට අවශ්‍යනම් මෙම පුවත ලබා දුන් පුද්ගලයා එළිදරව් කරන ලෙසයි. ඒ අනුව එකී වෙබ් කතෘවරයා විසින් නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ නම සඳහන් කොට ඇත.
 
ගැන පැමිණිල්ලක් ත් රත්තරන් කර තිබුණි හිටපු ය කෙරුණු බවත් එවකට වාර්තා විය ඉන් පසුව  ව්‍යාපාරික සියාම් ඝාතන චෝදනව යටතේ ගුණවර්ධනව අත් අඩංගුවට ගැනිණි.
 
 
මේ සිදුවීම සම්බන්ධයෙන් එවකට ජනරළ පුවත්පතේ පලවූ වාර්තාව
 
රන් ජාවාරම පිටුපස ආර්යාවක් !
 
රුපියල් කෝටි 500 ක රත්තරං වංචාවට ආණ්ඩුවේ ඉහළම පුද්ගලයෙකුගේ භාර්යාවක් සම්බන්ධ බවට තොරුතුරු අනාවරණය වෙමින් තිබේ. එම හේතුව මත අදාළ පොලිස් පරීක්‍ෂණ යට ගැසීමට ඉහළම පුද්ගලයාගේ බලපෑම් එල්ල වෙමින් තිබෙන බවද වාර්තාවේ.
 
පසුගිය 05 වන දින වංචනික ලෙස රුපියල් කෝටි 500 කට රත්තරං කිලෝ 100 ක් අලෙවි කිරීමට තැත් කිරීමේදී අත්අඩංගුවට පත් 11 දෙනා අතර සිටින හිටපු ටෙස්ට් උප නායක රෝයි ඩයස් මහතාගේ බිරිඳ වන සඳමාලි තරංගා ඩයස් මහත්මිය සහ විශ‍්‍රාමලත් සහකාර පොලිස් අධිකාරී ආර්.එස්.බී. රණසිංහ යන අයවලූන් එම ප‍්‍රබල කාන්තාවගේ හිතවතුන්ය.
 
සඳමාලි තරංගා ඩයස් මහත්මිය ඉහත කී ප‍්‍රබල කාන්තාවට අයත් ප‍්‍රසිද්ධ පෙර පාසලේ කටයුතුවලටද ඍජුව මැදිහත් වන්නීයකි.
 
සහකාර පොලිස් අධිකාරී ආර්.එස්.බී. රණසිංහ මහතා එකී ප‍්‍රබල කාන්තාවගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් කටයුතු කර තිබේ.
 
මෙම හිතවත්කම් පදනම් කර ගනිමින් රත්තරං වංචාවට අදාළ පරීක්‍ෂණ යට ගැසීමට උත්සාහ දරමින් සිටින බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග අවධාරණය කර සිටී.
 
මෙම රත්තරං තොගය ශී‍්‍ර ලංකා මහ බැංකුව සතු සංචිතයෙන් සහන මිලට ලබාගත් ඒවා බවට ප‍්‍රකාශ වී තිබුණද එය එසේ නොවන බවත්, යුද සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ උතුරේ ජනතාව සතුව තිබී ආණ්ඩුව අත්පත් කර ගත් ඒවා බවත් වැඩිදුරටත් අනාවරණය වී ඇත.
 
- ජනරළ
 
 
 
Last modified on Monday, 26 January 2015 12:55

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us