2012 වසරේ දී කැළණිය විශ්වවිද්‍යාලයේ ජානක ඒකනායක සහ රුහුණ විශ්වවිද්‍යාලයේ සිසිත ප‍්‍රියංකර යන දෙදෙනා මියයාමේ සිදුවීම ඝාතනයක් බව ඔප්පු කිරීමට තරම් සාක්ෂි පවතීන බව ද ඔවුහු පවසති.
නව රජය විසින් මේ දින වල පසුගිය කාලය තුළ සිදු වූ ඝාතනයන් පිලිබඳ තොරතුරු අනාවරණය කරන බවත් ඒ සඳහා පරික්ෂණ පැවැත්වීමත් සිදු කරනවා මෙන්ම ජානක සහ සිසිත දෙදෙනාගේ ඝාතනය පිලබඳවද නිවැරදි පරීක්ෂණයක් පවත්වත්වා ඝාතකයන් හෙලිදරවු කරන ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය රජයෙන් ඉල්ලාසිටී.
මෙම අවස්ථාවට මිය ගිය සිසිත ප‍්‍රියංකර ගේ පවුලේ අය සහභාගීවූ අතර ඉතා දුර බැහැර බැවින් ජානක ඒකනායකගේ නිවැසියන්ට මෙම අවස්ථාවට සහභාගී වීමට නොහැකි විය.
ඡායාරූප-නිශාන්ත ප්‍රියදර්ශන