විමල්ගේ ගෝලයාටම ඉංජිනේරු සංස්ඨාව බාර දෙයි

Published in පුවත්
Monday, 26 January 2015 14:07

විමල් වීරවංශ අමාත්‍යවරයාගේ පාලන සමයේ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ කලක් සාමාන්‍යාධිකාරී වශයෙන් කටයුතු කළ එම්.ආර් ජෙයචන්ද්‍රන් මහතා මෛත්‍රී පාලනය යටතේද ඉංජිනේරු සංස්ථාවේ නිසි බලධරයකු ලෙස පත්කර එවා ඇතැයි වාර්ථාවේ.

එම පුද්ගලයා 2011.03.21 දිනසිට වීරවංශ අමාත්‍යවරයා විසින් එම සංස්ථාවේ සාමන්‍යාධිකාරී තනතුරට පත්කරනු ලැබ සිට ඇති අතර මින් මාස කිහිපයකට ඔහු ඉන් ඉවත්කර ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නිලයකට පත්කරනු ලැබීය.

වීරවංශ පාලන සමයේදී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව තුල සිදුවු දූෂිත ක්‍රියා රැසකට මෙම පුද්ගලයාද සම්බන්ධ බව පැවසෙන අතර එවකට ඉදිකිරීම් අමාත්‍යාංශයේ සිටි ප්‍රබලයකුද එම පාලනයෙන් බොහෝ වරප්‍රසාද ලබා ඇති බවටද තොරතුරු අණාවරනය වෙමින් පවතී.

එම ප්‍රබල නිලධාරියා දැනට නිවාස අමාත්‍යාංශයේද ප්‍රබල තනතුරක් දරණ අතර අදාල පත්කිරීම පිටුපස වීරවංශ අමාත්‍යවරයාගෙන් වරප්‍රසාද ලැබු ඉහත කී ප්‍රබල නිලධාරියා ද සිටින බව පැවසේ. මෙම පත්කිරීමත් සමඟ පසුගිය කාලයේ ඉංජිනේරු සංස්ථාව තුල සිදුවු දුෂිත ක්‍රියාවලට අදාල ලිපිලේඛන අස්ථානගත වීමේ අවධානමක්ද මතුව ඇති බව ඉංජිනේරු සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us