මෛත‍්‍රී, තිස්ස ගෙන් රුපියල් මිලියන 2,500 ක වන්දි ඉල්ලයි

Published in පුවත්
Thursday, 25 December 2014 17:24

ව්‍යාජ අත්සනක් සහිත ගිවිසුම් පිටපතක් සැකසීම සම්බන්ධයෙන් පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා තිස්ස අත්තනායක මහතාගෙන් රුපියල් මිලියන 2,500 ක වන්දියක් ඉල්ලයි. ඒ සම්බන්ධ එන්තරවාසිය මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නීතීඥ සඳුන් එස්.කේ. ගමගේ මහතා විසින් තිස්ස අත්තනායක මහතා වෙත යවනු ලැබ තිබේ.

ව්‍යාජ ගිවිසුම් පිටපතක් සැකසීම නිසා තමාට අපහාසයක් සිදුව ඇතැයි මෛත‍්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. එය චේතාන්විත අපහාසයකි. ජනමාධ්‍ය භාවිතයෙන් ව්‍යාජ ගිවිසුම් ලේඛනය ප‍්‍රසිද්ධ කෙරිණ. ඒ හේතුවෙන් ඇතිවූ අපහාසයට වන්දි ලබාගැනීම එන්තරවාසියෙහි අරමුණයි.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා 1989 සිට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස ක‍්‍රියාකරයි. වගකිවයුතු අමාත්‍යධුර විශාල සංඛ්‍යාවක් ද ඔහු උසුලා තිබේ. එවැනි තත්වයකදී ව්‍යාජ ලේඛනයක් සහ අත්සන ව්‍යාජව භාවිත කිරීම හේතුවෙන් දැඩි අපහාසයක් සිදුව ඇතැයි හෙතෙම පෙන්වා දෙයි. මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් ලෙසද වසර 13 ක් රටට විශාල සේවයක් සිදු කළේය. එවැනි තත්ත්වයක් යටතේ ව්‍යාජ ලේඛනයක් ඉදිරිපත් කිරීමෙන් කීර්ති නාමයට දැඩි හානි සිදුවන බව සිරිසේන මහතාගේ අදහසයි.

එක්සත් ජාතික පක්‍ෂ ජාතික නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමග නොවැම්බර් 01 දා කිසිදු ගිවිසුමකට මෛත‍්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා නැතැයි එන්තරවාසියෙහි දැක්වෙයි. වෙනත් කිසිදු ගිවිසුමකටද මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික‍්‍රමසිංහ මහතා එළඹ නොමැත. එහෙත් මාධ්‍ය සාකච්ඡුාවකදී ව්‍යාජ ගිවිසුමක් ඉදිරිපත් කිරීමට තිස්ස අත්තනායක මහතා ක‍්‍රියා කළේය. එය සම්පූර්ණයෙන්ම නිර්මාණය කරන ලද ලේඛනයක් වන අතර ශ‍්‍රී ලංකාවේ නීතිය උල්ලංඝනයක් ද ඉන් සිදුව ඇතැයි මෛත‍්‍රීපාල සිරිසේන මහතා පෙන්වා තිබේ.

එය අපරාධයක් වන අතර ඊට එරෙහිව දඩුවම් පැමිණවීමේ හැකියාව ශ‍්‍රී ලංකාවේ නීතිය යටතේ පවති. තිස්ස අත්තනායක මහතා ලබාගත් නව අමාත්‍යධුරය ද ජනාධිපතිවරණ පනත උල්ලංඝනයක් යැයි නීතීඥ සඳුන් එස්.කේ. ගමගේ මහතා පෙන්වා දෙයි. දේශපාලන පැවැත්ම වෙනුවෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට එරෙහි ව්‍යාජ ලේඛනය ඉදිරිපත් කිරීමට තිස්ස අත්තනායක මහතා පියවර ගත් බවද අත්තනායක මහතාගේ වත්මන් දේශපාලන නායකයා තෘප්තිමත් කිරීමද එහි අරමුණක් වූ බව එන්තරවාසියෙන් පෙන්වාදී තිබේ.

ඒ අනුව රුපියල් මිලියන 2,500 ක වන්දියක් ගෙවන ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඉල්ලා සිටින බව නීතීඥ සඳුන් ගමගේ මහතා තිස්ස අත්තනායක මහතා වෙත දැනුම් දුන්නේය.

මේ වන විට මෙම ව්‍යාජ ගිවිසුම මුද්‍රණය කොට ජනතාව අතරේ බෙදාහැරීම සඳහා ඇතැම් පාර්ෂව කටයුතු කරන බවට විශ්වාසනීය ආරංචිමාර්ග ඔස්සේ පුවත් වාර්තාවෙමින් තිබේ. මෙම ව්‍යාජ ගිවිසුම සකස් කරන අය, මුද්‍රණය කරන්නන් හා එය බෙදාහරින්නන්ට කටයුතු කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා තම නීති කණ්ඩායම් වෙත උපදෙස් ලබාදී ඇත.

Last modified on Thursday, 25 December 2014 17:25

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us