ගුණරත්නම් ගෙදර නොගිහින් අධිකරණයට යනවාලූ !

Published in පුවත්
Saturday, 31 January 2015 20:53

කුමාර් ගුණරත්නම් මහතා අද දින ඕස්ට්‍රේලියාවය යාමට නියමිත බවට අප විසින් පළ කළ පුවත සම්බන්ධයෙන් එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයකු යැයි හඳුන්වා ගත් අයකු දුරකතන ඇමැතුමක් ලබා දෙමින් පැවැසුවේ ඔහු අද දින විදේශ ගත නොවන බවත් ඔහුට එරෙහිව පවතින නීතිමය ගැටළුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත්ය.


ඒ සම්බන්ධයෙන් අප නැවත ප්‍රශ්න කළේ ධනේශ්වර අධිකරණය දෙන තීන්දු පිළිගැනීමට සූදානම් ද යන්නය.

ඒ ගැන ලබා දෙන තීන්දුවෙන් පසුව කතා කරමු යනුවෙන් පිළිතුරක් ලැබිණි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අප නැවත කළ සොයා බැලීමක්දී අනාවරණය වූයේ. එවැනි සාකච්ඡාවක මේ මොහොතේ පක්ෂ අභ්‍යන්තරයේ පවතින බවය.

ගුණරත්නම් මහතා අද දින විදේශ ගත වීමේ අදහස අතහැර ඇත්තේ යළි අත් අඩංගුවට පත්වීමේ අවදානමක් තිබෙන නිසා බවත් ඉදිරි දින කිහිපය තුලදී ආරක්ෂා සහිතව සිට නිශ්චිත අධිකරණ ක්‍රියාමාර්ගයකට අවතීරණය වීමෙන් පසුව  අධිකරණයට ඉදිරිපත්ව  මෙරට පුරවැසි භාවය  ඉල්ලුම් කිරීමට සැලසුම් කරමින් ඇති බවත් වැඩි දුරටත් දැන ගැනීමට ලැබිණි.

මෙහි ඇති වඩා විහිලු සහගත තත්වය නම් පසුගිය දින කිහිපයේදී රටේ පවතින නීති රීති පද්ධතියට අභියෝග කරමින් ගුණරත්නම් මහතාට මෙරට දේශපාලනය කිරීමට අයිතියක් ඇති බවට කැකෝ ගසමින් සිට අවසන එම ධනේශ්වර නීතියේ, අධිකරණයේ.. පිහිට පැතීමට එම විප්ලවාදී පක්ෂය තීරණය කිරීමය.

මෙම ප්‍රශ්නය ගුණරත්නම් මහතාට මිට පෙර වඩා සුහදව, සුමටව නෛතික ක්‍රියාවලියක් හරහා විසඳ ගැනීමට තිබුණු කාරණයක් බව අපගේ අවබෝධයයි.

 

සැබැඳි පුවත් :

කොන්ත්‍රාත්තුව ඉවරයි. ගුණරත්නම් යළි ගෙදර යයි !

ගුණරත්නම් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක නොකෙරේ!

බැසිල්ගේ කොන්ත්‍රාත්තුවකට ආ ගුණරත්නම් පොදු විපක්ෂය පට්ට ගහයි

ජවිපෙ-මෛත්‍රී රහස් ගිවිසුම හෙළිකරන්න ගුණරත්නම් එනවාලු !

අපේ හෙළිදරව්ව හරි! ගුණරත්නම් ලංකාවට

Last modified on Saturday, 31 January 2015 21:18

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us