කොන්ත්‍රාත්තුව ඉවරයි. ගුණරත්නම් යළි ගෙදර යයි !

Published in පුවත්
Saturday, 31 January 2015 14:29

පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා අද දින(31) ඒ මහතා පදිංචිව සිටින ඕට්‍රේලියාවේ නිවස බලා පිටත්ව යාමට නියමිත බව වාර්තාවේ.

ඕස්ට්‍රේලියානු පුරවැසියකු වන ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතා මෙරටට පැමිණියේ දින 30ක සංචාරක වීසා ලබාගෙනය. මෙම කාලසීමාව මේ වන විට අවසන්ව තිබේ.

කෙසේ නමුත් ඔහුගේ මෙරට ආගමනය පවතින ආගමන හා විගමන නීතිවලට පටහැනී වීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව ඔහුගෙන් කරුණු විමසීමක් පසුගිය දින කිහිපයේ සිදු කරනු ලැබීය. මේ සඳහා ඔහුව කැඳවනු ලැබු දින තුනක්ම ගුණරත්නම් මහතා ඒ මඟ හැර තිබිණි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂය විසින් ගුණරත්නම් මහතාට වත්මන් පාලනය විසින් මෙරට දේශපාලනය කිරීමට ඉඩ නොදෙන බවත් ඔහුව යළි පි‍ටුවහල් කිරීමට උත්සහ කරන බවටත් ප්‍රචාරක කටයුත්තක් මේවන විට සිදු කරමින් පවතී. නමුත් අප වෙත වාර්තාවන පරිදි ගුණරත්නම් මහතා අද දින යළි ඕස්ට්‍රේලියාව බලා යාමට සැලසුම් කර ඇත්තේ මීට සති කිහිපයකටත් ප්‍රථමවය.

එමෙන්ම පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ අරක්ෂක ලේකම්වරයා වූ ගෝඨාබය රාජපක්ෂ විසින් ගුණරත්නම්ගේ පැමිණීම වෙනුවෙන් ද්විත්ව පුරවැසි භාවය පිළිබඳව පැවැති නීති ලිහිල් කිරීමටද කටයුතු කළ බව වාර්තා විය. එය දෙපාර්ශ්වය අතර වූ අන්‍යන්‍යෝය අවබෝධය මත වූ බවත් එම ගනු දෙනුවට මැදිහත් වී තිබුණේ ගුණරත්නම් මහතාගේ බිරිඳ හා මාරවිල ප්‍රදේශයේ විශේෂ පුද්ගලයෙකු බවත් තතු දත් ආරංචි මාර්ග පවසයි.

ගුණරත්නම් මහතා මෙරටට පැමිණ සිදු කරනු ලැබුවේ විපක්ෂ පොදු අපේක්ෂකයාවු මෛත්‍රීපාල සිරිසේන බලයට පැමිණිය හොත් අවම ප්‍රජාතන්ත්‍රවාදයවත් මෙරට ජනතාවට නොලැබෙන බව පැවැසීමය.එය පැවැති රාජපක්ෂ පාලනයේ කොන්ත්‍රතුවක් බව පැහැදිලි කරුණක් විය.

එහෙත් මේවන විට ඔහුගේ පක්ෂය වත්මන් පාලනයේ ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විඳිමින් පසුගිය කාලයේ එම පක්ෂයේ ඝාතනයට හෝ අතුරු දහන් කිරීමට ලක්වූවන් ගැන සොයා බලන ලෙස ඇවිටිලි කරමින් තිබීම දකින්නට ලැබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us