ගුණරත්නම් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක නොකෙරේ!

Published in පුවත්
Sunday, 04 January 2015 09:16

දින 30ක සංචාරක වීසා මත මෙරටට පැමිණ සිටින පෙර‍ටුගාමි සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභිකයකු වන ප්‍රේමකුමාර් ගුණරත්නම් නොහොත් නොයෙල් මුදලිගේ යන අය ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමේ වරදට අත් අඩංගුවට ගත හැකි නමුත් ඒ මේ වන තුරුත් සිදුව නොමැත.

ආරක්ෂක අමාතයංශය පසුගියදා හදිස්සියේම යළි ද්විත්ව පුරවැසි භාවය ලබා දෙන බව ප්‍රකාශකර පැය කිහිපයකින් ඕස්ට්‍රේලියානු පුරවැසි ගුණරත්නම් මහතා ශ්‍රී ලංකාවට පැමිණි නමුත් ද්විත්ව පුරවැසි භාවය ඉල්ලුම් කිරීමට අදාල නීති රෙගුලාසි පිළිපැදීම හෝ ඒ සඳහා වන ඉල්ලුම් පත්‍ර හෝ සකස් කිරීමක් සිදුව මේ දක්වා නොතිබිණි.

එහෙත් ගුණරත්නම් මහතා මෙරට දේශපාලන කටයුතු වල බාධාවකින් තොරව කටයුතු කරමින් සිටින අතර හෙට කඩවත පැවැත්වෙන එම පක්ෂයේ ප්‍රසිද්ධ ‍රැළියකට සහභාගී වීමට නියමිතය.

ආගමන විගමන නීති උල්ලංගනය කරන කවරකු වූවද අත් අඩංගුවට ගෙන පි‍ටුවහල් කිරීමේ බලයක් ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව පවතී. මේ සම්බන්ධයෙන් මැතිවරණ ලේකම් කාර්යාලය පවසන්නේද ඔහුව අත් අඩංගුවට ගැනීමේ බලය ආගමන විගමන දෙපාර්තමේන්තුවට පවතින බවත් එය ඔවුන්ගේ වගකීමක් බවත්ය.

සබැදි පුවත්
ජවිපෙ-මෛත්‍රී රහස් ගිවිසුම හෙළිකරන්න ගුණරත්නම් එනවාලු !

අපේ හෙළිදරව්ව හරි! ගුණරත්නම් ලංකාවට

බැසිල්ගේ කොන්ත්‍රාත්තුවකට ආ ගුණරත්නම් පොදු විපක්ෂය පට්ට ගහයි

ද්විත්ව පුරවැසිභාවය හිමි ගුණරත්නම්ට විතරද ?

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us