අරලගංවිල ප්‍රහාරයට ඩිෆෙන්ඩර් 9 වෑන් 8 ඇවිත් !

Published in පුවත්
Sunday, 04 January 2015 09:37

ඊයේ (3) දා පොලොන්නරුව, අරලගංවිල හා අවට ප්‍රදෙශවල දී සිදුකළ පහරදීම හා වෙඩි තැබීම සැලසුම් සහගත ලෙස ජනතාව භීතියට පත් කිරිමේ අරමුණින් සිදුකළ දෙයක් බවට අනාවරණය වී ඇත.එම ප්‍රහාරයෙන් විපක්ෂයේ කාර්යාල 7 කඩා දැමුණු අතර වාහන වලට දැඩි අලාබහානි කලහ වෙඩි තැබීමෙන් පුද්ගලයන් 5 දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ.

එම පහරදීම් හා වෙඩි තැබීම් වල අරමුණ වි ඇත්තේ මෙදින පොදු අපේක්ෂක මෙමත්‍රිපාල මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන ජනරැළි 6 සදහා පැමිණෙන ජන සහභාගීත්වය අඩාල කීරීම බව හෙලිවී ඇති අතර මේ සදහා අංක තහඩු නොමැති ඩිපෙන්ඩර් රථ 9 ක් හා වෑන් රථ 8 ක් යොදාගන ඇත.

මෙම ප්‍රහාරය සදහා අවම වශයෙන් පුද්ගලයන් 50 – 70 අතර පිරිසක් සිට ඇති අතර එම කන්ඩායම අත පැවති ගිනි අවි ප්‍රමාණය 20 කට වැඩි බව සිදුවිම ඇසින් දුටුවෝ පවසති. එම අවි අතර ටී 56 ගිනි අවි හා සවයංක්‍රීය පිස්තෝල තිබී ඇත.

මෙම පොලොන්නරුවේ මැර ප්‍රහාරය ඇසින් දුටු විපක්ෂ ආධාරකරුවෙකු අපවෙත පලකළ අදහස්.

“3 වෙනිදා මෙමත්‍රිපාල මහත්තයාගේ රැස්වීම් 6 ක් තිබුණා. මෙම රැස්වීම්වල සැරසිලි කරන්න පටං ගත්තේ දෙවනිදා රෑ එයාලා රෑවෙන කොට මේ ඩිපෙන්ඩර් සෙල්ලම පටං ගත්තා. හිතුවේ අංක නැති ඩිපෙන්ඩර් ආවම මිනිස්සු සැරසිලි කරන එක නවත්වලා යයි කියලා. නමුත් මිනිස්සු සැරසිලි කරන එක නැවැත්තුවේ නැ. පස්සේ පාන්දර වෙන කොට කාර්යාල 4 කට ගහලා කැඩුවා.

මග දිගට තියෙන සැරසිලි කැඩුවා. දාපු කටවුට් අපි බලාගන ඉන්න කොටම කැඩුවා. පහුවදා 3 දා උදේ 9 ට මනමිපිටියේ කාරයාලයට ගැහුවා. ගහලා එතන මිනිස්සුන්ටත් ගහලා කාර්පාලය කැඩුවා එතන තිබුණ වාහනයක් කුඩු කෙරුවා. එක පැමිණිලි කරන්න තමයි ජනක සමරසිංහ හිටපු මන්ත්‍රීතුමා පොලෙන්නරුව පොලීසියට ගියේ. එවෙලාවේ පොලීසියේ ගේට්ටුව ළගට ඩිපෙන්ඩර් වාහන දෙකකුයි වෑන් ආවා ඇවිත් ජනක මහත්තයා එනකම් රැකලා හිටියා.

පස්සේ එලියට ඇවත් යන්න බැරි නිසා කාවහරි ගෙන්නාගන යන්න බලන්න එයා ගේටුටුව ලගට ඇවිත් තියෙනවා. ඒවෙලාවේ තමයි ජනක මහත්තයාගේ ඔලුවවට බොතලයකින් ගැහුවේ. පස්සේ ජනක මහත්තයව ඉස්පිරිතාලෙට ගෙනියන්න නොදී පාර හරස් කරගන ඉදලා තියෙනවා. මුල දවසම පොලොන්නරුව පාලනය කළේ මේ මැර කන්ඩායම . එත් මිනිස්සු මෛත්‍රීපාල මහත්තයගේ රැස්වීම් වලට ගියා. එහෙම ගිය අයට තමයි හවස අරලගංවිලදි වෙඩි තිබ්බෙ. අපි අහන්නේ 8 වෙනිදට කරන්නේ මේකද? මේහෙමද ජනාධිපති තුමා දිනන්නේ? “.


lankaherald

සබැදි පුවත්
අරලගංවිල මෛත්‍රීගේ ‍රැළියට වෙඩි.! 3 ක් තුවාලයි!!! විමල් වීරවංශ සැකයි !!!

8987 10204789954965445 5322597059134013080 n

10393917 10204789954205426 1232278128666893249 n

10885462 10204789955365455 2753388446789446990 n

10898022 10204789955725464 7987185431722088494 n

10898216 10204789955885468 3029655636205792638 n

10917854 10204789955165450 6914404443710142040 n 1

Last modified on Sunday, 04 January 2015 09:49

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us