රාජපක්ෂ රෙජිමය පරාජය කරමු: විදෙස් ගත ලාංකිකයින්ගෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

Published in පුවත්
Sunday, 04 January 2015 10:09

විවිධ සමයන්හි අප දේශය වන ලංකාවෙහි උත්සන්න වූ මර්දනකාරී දේශපාලන තත්වයන් මෙන්ම වෙනත් හේතූන් මත අප රට අත හැර ඒමට සිදුව විදේශ ගතව ජීවත්වන අප, එළඹෙන ජනාධිපතිවරණයේ දී රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමට පෙළ ගැසී සිටිමින් ඒකාබද්ධ විපක්ෂයට සහයෝගය පළ කරමු.

පසුගිය දස වසර පුරා රාජපක්ෂ රෙජීමය විසින් ශ්‍රී ලංකාව අත්තනෝමතික රාජ්‍යක් බවට පත් කර තිබේ.

අද ලංකාවෙහි නීතියේ පාලනයක් නැත. 17වන සංසෝධනය අහෝසි කිරීමෙන් සංකේතවත් වූ රාජපක්ෂ විධායක පාලනය විසින් අධිකරණය සහ පොලීසිය සහමුලින්ම දේශපාලනීයකරණය කර තිබේ.

මහජනයාගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පාගා දමා ඇති අතර ශ්‍රී ලාංකික සමාජය පෙර නොවූ විරූ බිය ගැන්වීමකට ලක් කර තිබේ.

මහජනයාගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය මත රඳා පවත්නා මාධ්‍ය නිදහස නිල, නිල නොවන සහ ස්වයං වාරණයකට යටත් කර තිබේ.

සියළු ආගමික ලබ්ධීදීන් සහ බැතිමතුන් සහයෝගයෙන් අන්‍යෙයෝනය්‍ය ගරුත්වයෙන් ජීවත්වීමට අවශ්‍ය වටිනාකම් විනාශ කරමින් සුළුතර ප්‍රජාවගේ ආගමික නිදහස තර්ජනයන්ට ලක් කරන අන්තවාදී පිරිස් වෙත රාජ්‍ය අනුග්‍රහය ලබා දී තිබේ.

ඥාති සහ ගජ මිතුරු සංග්‍රහය මත පදනම් වෙමින් නෑසූ විරූ පරිදි දූෂණය සහ වංචාව රජ කොට රටේ ධන සම්පත් මෙන්ම මහාජනයාගෙන් අය කර ගනන්නා බදු මුදල් සිය පුද්ගලික පරිභෝජනය සඳහා හූරා ගන්නා දූෂණයේ දේශපාලන සංස්කෘතියක් අප රටෙහි ස්ථාපිත කර තිබේ.

මහජනයාගේ එදිනෙදා ජීවිතය එන්න එන්නම දුෂ්කර වන අතර රාජපක්ෂ පවුල හා ඥාතීන් ද රාජපක්ෂවාදී දේශපාලනඥයෝ ද ධන කුවේරයන් බවට පත්වෙමින් සිටිති.

යුද්ධාවසානයෙන් පසු සැබෑ සංහිදියාවක් ඇති කර රට තුළ සාමකාමී පරිසරයක් ගොඩ නගනු වෙනුවට රටම පොලිස් රාජ්‍යයක් බවට පත් කරමින් විශේෂයෙන්ම මෙරට උතුරු නැගෙනහිර සිවිල් පාලනය වෙනුවට යුදමය පාලනයක් පවත්වා ගෙන යමින් උග්‍රවන යුදකරණයකට රටම යටත් කර තිබේ.

දෙමළ ජනයාගේ සාධාරණ ප්‍රශ්න විසඳිය හැකි සාකච්ජාමය දේශපාලන විසඳුමක් ඇති කිරීමට යුද්ධාවසානයෙන් පස්වසරක් ගතවීත් රාජපක්ෂ රෙජීමය අවම හෝ අවධානයක් සහ උනන්දුවක් පෙන්වා නැත.

ශ්‍රී ලංකාවේ සියළුම ජන කොටස්හි මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තහවුරු කිරීම පිණිස උගත් පාඩම් සහ සංහිඳියා කොමිසම (එල්එල්ආර්සී) ඉදිරිපත් කළ යහ පාලනය සඳහා වන හරයාත්මක නිර්දේශ කිසිවක් රාජපක්ෂ රෙජීමය‍ ක්‍රියාත්මක කර නැත.

රාජපක්ෂ රෙජීමය විසින් ශ්‍රී ලංකාව අන්තර් ජාතික නියමයන් හා භාවිතාවන්ට පැටහැනිව යමින් කටයුතු කිරීම ද ලොව අසමත් රාජ්‍යයන් ද කුප්‍රකට අඥාදායකයින් සහ දූෂකයින් තම මිත්‍රයින් ලෙස තෝරා ගෙන තිබීම තුල අන්තර් ජාතික වශයෙන් කොන්වීමට හේතු වීම.

තවදුරටත් බලයේ සිටීමට රාජපක්ෂ රෙජීමයට ඉඩ හැරිය හොත් එහි විපාකය වනු ඇත්තේ යම් දුරකට හෝ ඉතිරිව ඇති මානව සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ද කප්පාදු කැරෙන සහ රටෙහි ධන සම්පත් අතලොස්සක් අත ඒකරාශිවන භීෂණයේ සහ දූෂණයේ ඥාති – ගජ මිතුරු අත්තනෝමතික ඒකාධිපති පාලනයක් ඇති වීමය.

මෙම සියළු කරුනු විසින් පෙන්නුම් කරන්නේ රාජපක්ෂ රෙජීමයේ ගමන් මඟ වැටී ඇත්තේ ශ්‍රී ලංකාව තව තවත් ජන පීඩනයේ සහ මර්දනයේ දිශාවට බවය. ඒ අනුව මෙම තත්ත්වය වෙනස් කිරීමේ ඓතිහාසික මොහොතකට අපේ රට දැන් ළඟා වී සිටී.

එනම් ජනවාරි 08 දින පැවැත්වෙන ජනාධිපතිවරණය යි.

එහිදී රාජපක්ෂ රෙජිමය පරාජය කිරීමෙහි අර්ථය ලෙස අප දකින්නේ ඒකාධිපතිත්වය කරා යන ගමන නවතා ලමින් ශ්‍රී ලංකාවෙහි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශයක් උදාකර ගැනීම යි. එවැනි වෙනසක් ශ්‍රී ලංකාවේ සියළුම ජන කොටස්වලට ලැබෙන මහඟු අවස්ථාවකි.

ඒ අතරම මෙරට සමාජ දේශපාලන දේහයෙහි කොටස්කරුවන් වන සුළුතර ප්‍රජාවන් වි‍ශේෂයෙන්ම දෙමළ සහ මුස්ලිම් ජන ප්‍රජාවන්හි සුවිශේෂ ගැටළුවලට අවධානය යොමු කිරීම පොදු විපක්ෂය විසින් අත නො හැරිය යුතු කාර්‍යක් ලෙස අපි සළකමු.

එමෙන්ම මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමීමෙන් ඇතිවන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශය මගින් යහපතක් වනු ඇත්තේ සිංහල ජනයාට පමණක් නො වන බවද අපි අවධාරණය කරමු. මෙරට දෙමළ සහ මුස්ලිම් ජනයාට ද සිය මානව අයිතීන් දිනා ගැනීම උදෙසා මෙම ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ප්‍රයෝජනවත් වනු නො අනුමාන ය.

එබැවින් එළැඹෙන ජනාධිපතිවරණයේ දී මෙරට සුළුතර ජනයා වෙත පැවැරී ඇති භාරදූර කර්තව්‍යය වන්නේ මෙකී ප්‍රජාතන්ත්‍රීය බල වේගය සමඟ අත්වැල් බැඳ ගනිමින් ස්වකීය අන්‍යතාවය හා ගෞරවය ද ආරක්ෂා කර ගනිමින් මේ සඳහා සක්‍රීය ලෙස මැදිගත් වීමය

වත්මන් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ප්‍රජාතන්ත්‍රවාදී අභියෝගය වන්නේ සියළු ජනතාවන්ගේ අයිතීන් පයට පාගා දමා ඇති රාජපක්ෂ රෙජීමය පරාජය කිරීම ය. එම අභියෝගය ජය ගත් හැක්කේ පුළුල්තම විපාක්ෂික බලවේග එක් වූ පෙරමුණකට පමණි.

එමෙන්ම පොදු විපක්ෂයේ දින සියයේ වැඩ සටහනට අයත් වන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, 17වන සංසෝධනය ක්‍රියාත්මක කිරීම යන පියවරයන් රාජපක්ෂ රෙජීමය ප්‍රතිපත්තිමය වශයෙන් පරාජය කිරීම සඳහා තිරණාත්මක පියවරයන් වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. නමුත් අප එතැනින් නො නැවතී ප්‍රජාතන්ත්‍රවාදී අරගලය ඉදිරියට ගෙන යා යුතු බව විශ්වාස කරමු. එය කළ හැකි වන්නේ රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමෙන් ගොඩ නැගෙන ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තුළ ය.

මෙම අවස්ථාවෙහි විපාක්ෂික බලවේග බෙදීම වෙනුවට වෙනස්කම් ඇතිව හෝ පොදු විපාක්ෂික අපේක්ෂකයාට සහයෝගය දීම අත්‍යවශ්‍ය යැයි අප කල්පනා කරන්නේ එනිසා ය. එබැවින් මෙම තීරණාත්මක අවස්ථාවෙහි පොදු විපක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී වැඩ සටහනට සහාය දෙමින් එය ශක්තිමත් කරමින් පොදු විපක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන සිවිල් සමාජ ජාලයන් වෙත ද අපේ සහයෝගය ප්‍රකාශ කරමු.

පොදු විපක්ෂය ජයග්‍රහණය කරවීමෙන් නො නැවතී අනතුරුව එළඹෙන කාලපරිච්ජේදය තුළ ශ්‍රී ලංකාවෙහි ක්‍රියාකාරී සිවිල් සමාජ ජාලයන් සමඟ එක්ව කටයුතු කරමින් පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයන් සඳහා කටයුතු කිරීමට, තනි තනිවද අප බැඳී සිටින ජාලයන් වශයෙන් ද කැපවෙමු. අපේක්ෂිත ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් ඇති කර ගැනීම පිණිස පොදු විපක්ෂයෙහි කොටස්කරුවන් වන වාම සහ ප්‍රජාත්‍රන්තවාදි බලවේගයන්හි ඒකාබද්ධ ක්‍රියාකාරිත්වයේ අවශ්‍යතාවය ද අපි අවධාරණය කරමු.

එමෙන්ම පොදු විපක්ෂයේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් බලවේගයන් විසින් අත නො හැර කර ගෙන යා යුතු සත් ව්‍යායාමයෙහි මූලිකත්වයෙහිලා තැබිය යුතු කරුණු කිහිපයක් ද සඳහන් කිරීමට අප කැමැත්තෙමු.

ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික නියමයක් වන ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර බල විභේදනය තහවුරු කිරීමට පියවර ගැනීම

ප්‍රජාතන්ත්‍රවාදී ආන්ඩුකරණයක අත්‍යවශ්‍ය අංගයක් විය යුතු තුලන සහ සංවරණ පද්ධතිය තුළ සිවිල් සමාජීය සහභාගිත්වය තහවුරු කිරීම

රාජ්‍ය පාලනයේ ආචාර ධාර්මික භාවිතාවක් ගොඩ නැගීම සහ ඥාති සහ ගජමිතුරු සබඳතා මත වරදාන පිරි නැමීමට ඉඩ නොතැබීම පිණිස කටයුතු කිරීම

මෙරට දෙමළ ජනතාවගේ සාධාරණ ප්‍රශ්න සඳහා ඉක්මන් විසඳුමක් සැපයීම පිණිස කාල වකවානු නියමයක් ඇතිව සියළු පාර්ශවයන්ගේ එකඟතාවය ගොඩ නගන සාකච්ඡාමය දේශපාලන විසඳුමක් කරා නො නැවතී පෙනී සිටීම

සත්‍ය හා කරුණු මහජන යහපත මුලික කොට ගත් ආචාර ධාර්මික ජනමාධ්‍ය සංස්කෘතියක් ගොඩ නැගීම සඳහා මාධ්‍ය ද කොටස්කරුවන් කර ගනිමින් ක්‍රියාත්මකවීම

මෙලෙස සමාජ දේහයෙහි අධිනිෂ්චිත කාරණා මුල්කර ගනිමින් අනාගත ශිෂ්ට සම්පන්න සිවිල් සමාජයක් ඇති කිරීමට තිබෙන්නා වූ වගකීම පෙරදැරි කරගනිමින්, ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ගොඩ නැඟීම සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් කරා ගමන් කිරීම පිණිස විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කරමු.

ඒකාධිපතිවාදී රාජපක්ෂ රෙජීමය පරාජය කරමු!

ප්‍රජාතන්ත්‍රීය අරගලය ශක්තිමත් කරමු !

ශිෂ්ට සම්පන්න සිවිල් සමාජයක් ගොඩ නගමු!

මෙයට

1.ඒ.සී.කේ. හේරත් (ඕස්ට්රේලියාව)

2.අජිත් දසනායක (ස්විට්සර්ලන්තය)

3.අජිත් රාජපක්ෂ (ඕස්ට්රේලියාව)

4.අන්වර් මනතුංග ( කටාර් රාජ්‍යය)

5.අර්ජුන රණවන (කැනඩාව)

6.බාලේන්ද්‍ර තිරුචිත්තම්පලම් (ජර්මනිය)

7.බුද්ධික රණවීර (ඉතාලියේ)

8.චන්දිම විතාන (එක්සත් රාජධානිය)

9.චන්ද්‍රරත්න බණ්ඩාර (කැනඩාව)

10.ඩිලානි කොක්මාදුව (ඉතාලිය)

11.දිමුත් ඬේජා (ජර්මනිය)

12.දිසේන්ද්‍ර පෙරේරා (ස්විට්සර්ලන්තය)

13.ෆාරුක් සුලෙයිමාන් (එක්සත් රාජධානිය)

14.ගාමිණී වලිසිංහ (ඕස්ට්රේලියාව)

15.ගුලාම් ආර්. ධරන් (ඕස්ට්රේලියාව)

16.ජගත් ජේ. එදිරිසිංහ (ඕස්ට්රේලියාව)

17.ජයම්පති බුලත්සිංහල (නේපාලය)

18.ජනක ප්‍රියන්ත (නවසීලන්ත්ය)

19.ක‍්‍රිෂාන් රාජපක්ෂ (ජර්මනිය)

20.ක‍්‍රිෂ්නා සුබ‍්‍රමනියා (ජර්මනිය)

21.ක්ෂාමා රණවන (කැනඩාව)

22.කුමුදුනී විජේවර්ධන (නේපාලය)

23.ලාල් පෙරේරා (ඕස්ට්රේලියාව)

24.ලයනල් බෝපගේ (ඕස්ට්රේලියාව)

25.මහරුෆ් ෆවුසර් (එක්සත් රාජධානිය)

26.මෙන්දක අබේසේකර (ඇමෙරිකාව)

27.මෙරිල් රණවීර (ඉතාලිය)

28.නඩරාජා ගුරුපරන් (එක්සත් රාජධානිය)

29.නඩරාජා ශන්මුගරත්නම් (නෝර්වේ )

30.නඩරාජා සුසීන්ද්‍රන් (ජර්මනිය)

31.නාගලකෂ්මී සිවසම්බු (ප්‍රංශය)

32.නිලන්ත දහනක් (නවසීලන්තය)

33.පද්මි ලියනගේ (ජර්මනිය)

34.පොද්දල ජයන්ත (ඇමෙරිකාව)

35.ප‍්‍රියන්ත ගුණරත්න (නේපාලය)

36. පී. කෘස් (නවසීලන්තය)

37.ආර්.ඒ.ඒ. යූ රණතුංග (එක්සත් රාජධානිය)

38.රංජිත් හේනායකආරච්චි (ජර්මනිය )

39.රසික පෙරේරා (කැනඩාව)

40.රවින්ද්‍ර ප‍්‍රදීපන් (ප්‍රංශය)

41.රවින්ද්‍ර චන්ද්‍රලාල් ( ඇමෙරිකාව)

42.රුවන් නෙලූ (සවුදි අරාබිය)

43.රුවන්දි සිල්වා (ජර්මනිය)

44.එස්. රත්නජීවන් එච්. හූල් (ඕස්ට්රේලියාව)

45.එස්. මනෝරංජන් (කැනඩාව)

46.සදරුවන් සේනාධීර (එක්සත් රාජධානිය)

47.සංජීව මනම්පේරී (ඕස්ට්රේලියාව)

48.සේනක වත්තේගෙදර (ජර්මනිය )

49.සිවසාමි සිවරාජන් (ජර්මනිය)

50.සුනන්ද දේශප‍්‍රිය (ස්විට්සර්ලන්තය)

51.උදය ආර්. තෙන්නකෝන් (ස්විට්සර්ලන්තය)

52.වාසුකී තන්ගරාජා (ජර්මනිය )

53.විශ්වලිංගම් සිවලිංගම් (එක්සත් රාජධානිය)

54.ඩබ්. ජයකොඩි (ඕස්ට්රේලියාව)



Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us