ආධාර දුන්නොත් බරපතල දඩුවම්

Published in පුවත්
Sunday, 04 January 2015 10:18

අපේක්ෂකයෙකු ප‍්‍රවර්ධනය වන අයුරින් ද්‍රව්‍යමය ආධාර බෙදා හැරීම හෝ එවැනි ආධාරයක් ලබාදීමට පොරොන්දු ලබාදීම ඡන්ද විමසීමට අදාළ නීතිය යටතේ බරපතල දඩුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා පවසයි.

ඔහු නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කළේ එවැනි නීති විරෝධි කි‍්‍රයාවන්ට අදාළව පැමිණිලි ලැබීමේ සීඝ‍්‍රතාව බෙහෙවින් ඉහළ යමින් පවතින බවය. ද්‍රව්‍යමය ආධාර හා මූල්‍ය ආධාර ලබාදීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳ කඩිනම් සළකා බැලීමක් සිදු කරන බවද ඔහු නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ. එමෙන්ම මැතිවරණ කොමසාරිස්වරයා සියලූ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ ලබන අට වනදායින් පසුව අදාල සියළු වැඩසටහන් කි‍්‍රයාත්මක කරන ලෙසය.

මේ අතර ජල ගැලීම් සහ නාය යාම් හමුවේ පීඩාවට පත්ව සිටින ඡුන්ද දායකයින් වෙත තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කටයුතු ලබන පස් වනදා දක්වා සිදු කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර අැත. තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කටයුතු පසුගිය දෙසැම්බර් මස තිස් එක්වනදායින් නිමාවට පත්වුවද ආපදා කළාප වල ජනතාව වෙනුවෙන් එම කටයුතු අද දිනයේද සිදුවේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us