මැතිවරණ නීති උල්ලංගණය කිරීමේ වරදට 130 ක් අත්අඩංගුවේ

Published in පුවත්
Sunday, 04 January 2015 10:24

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා සිදු වූ මැතිවරණ නීති උල්ලංගණය කිරීමේ සිද්ධීන් වලට අදාළව පුද්ගලයින් එකසිය තිස් දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන අැත.

ඒ අතර ජනතා නියෝජිතයින් දා හතර දෙනෙකුද සිටින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප‍්‍රකාශ කළේය. නියෝජ්‍ය අමාත්‍යවරයෙකු, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු පළාත් සභා මන්තී‍්‍රවරයෙකුද මෙලෙස අත්අඩංගුවට ගෙන අැත.

මේ අතර ඌව පළාත් සභාවේ ඇමතිවරයෙකු වන සෙන්දිල් තොන්ඩමන් මහතා විසින් පහර දීමක් සිදු කළ බවට ඊයේ පොලීසියට පැමිණිල්ලක් ලැබී අැත. තැපැල් සේවකයෙකු මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය. එමෙන්ම අරලගංවිල දළුකාන ප‍්‍රදේශයේදී ඊයේ රාති‍්‍රයේ දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී වීමෙන් දහ දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්තී‍්‍රවරයෙකුට බරපතල තුවාල සිදුව ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us