දකුණේ සහෝදරත්වයට යාපනයෙන් ආයාචනයක්

Published in පුවත්
Sunday, 04 January 2015 15:15

දෙමළ ජනතාවටත් සිංහල ජනතාවට මෙන් ම සමාජ, ආර්ථික, දේශපාලනිකමය පොදු ප්‍රශ්න තිබෙනවා. මෙම ලැබුණු අවස්ථාව ඉතාම ඓතිහාසිකයි, තීරණාත්මකයි. පසුගිය තිස් අවුරුද්දක ඉතිහාසයම ලියැවුනේ ලේ වැගිරුණු පරිච්ඡේදයක් හැටියට.

වත්මන් ජනාධිපති අවුරුදු දහයක් රට පාලනය කළා. නමුත් එයාගෙන් අපිට ලැබුණු කිසිම දෙයක් නැහැ. එයා හැමතිස්සෙම කිවුවෙ නැවත එල්.ටී.ටී.ඊ.ය එනව කියල. එහෙම කියල ගතයුතු බොහෝ දේශපාලන විසඳුම් මගඇරිය, කල්දැම්ම. දකුණෙ ජනතාව බියට පත්කළා.

යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්වත් ශිෂ්‍යයන්වත් එල්.ටී.ටී.ඊ.ය නැවත හිස ඔසවන්න කිසිම වෙලාවක ඉඩ දෙන්නෙ නැහැ, එසේ කටයුතු කරන්නෙත් නැහැ. යාපනය විශ්විද්‍යාලය හැමදාමත් මධ්‍යස්ථව කටයුතු කළ ස්ථානයක්.

අපි අහල තියෙනවා සිංහල ගීතයක්. එක මවකගෙ දරුකැළ බැවිනා කියල. මේ හොඳම අවස්ථාව එකමුතු වෙන්න. අපි ඒක ඇත්තක් කරමු. අපි මේ රට දිව්‍ය ලෝකයක් කරමු. දිය සහ කිරි මෙන් හොඳ නරක වටහාගෙන හංස සමාජයක් බිහිකිරීම උදෙසා අපි එකමුතු වෙමු. මෛත්‍රී පාලනයකට, නොබෙදුනු(undivided) ශ්‍රී ලංකාවකට ඔබේත් අපේත් මුස්ලිම් සහෝදර සහෝදරියන්ගේත් වටිනා ඡන්දය පාවිච්චි කරමු. එකම ඡන්දයක් දෙන්න, එය මෛත්‍රීට පමණක් දෙන්න.

යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය රාජකුමාරන්

Last modified on Sunday, 04 January 2015 15:16

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us