අරලගංවිල මෛත්‍රීගේ ‍රැළියට වෙඩි.! 3 ක් තුවාලයි!!! විමල් වීරවංශ සැකයි !!!

Published in පුවත්
Saturday, 03 January 2015 21:41

අද(03)මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වූ අරලගංවිල ප්‍රදේශයේ පැවැති ‍රැළියකට වෙඩී තබීමක් සිදුව ඇතැයි වාර්තා වේ. වෙඩි වැදීමෙන් 3 දෙනෙකුට තුවාල සිදුව ඇත. මෛත්‍රීපාල සිරිසේන මහතා එම මොහොතේ වේදිකාවෙන් ඉවත්ව සිටියේය. මෙම ‍රැළියට අති විශාල ජනතා සහභාගිත්වයක් තිබීම විශේෂ සිදුවීමකි.

අද උදැසන මේ සම්බන්ධයෙන් විමල්ගේ සී නිව්ස් වෙබ් අඩවිය හෙළිදරව් කර තිබේ.

මේ එම පුවත


විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහභාගී වන අවසන් ප‍්‍රචාරක රැළියක් අතරතුරදී වෙඩි තැබීමේ හෝ බෝම්බයක් පුපුරුවා හැරීමේ සූදානමක් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට අමතරව එම රැලි කිහිපයක් සඳහා සංවිධානාත්මකව ගල් ගැසීම් සඳහාද විපක්‍ෂයේ ප‍්‍රබලයින් කිහිප දෙනෙකු එක් වී සාකච්චා පවත්වා තිබේ.

එම ප‍්‍රහාරයන්හි වගකීම රජය වෙත පටව මැතිවරණය ආසන්නයේ ප‍්‍රචාරක වාසියක් ලබා ගැනීම හා මේ වන විට විපක්‍ෂයට එල්ල වී ඇති බෙදුම්වාදී චෝදනා මගහැර ගැනීම එහි අරමුණ වී ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

 මේ අනුව පැහැදිලිවන්නේ හොරාට කලින් කෙසෙල් කැන වැට පැන ඇති බවය.

 

aralagaxwila-2aralagaxwila-3aralagaxwila-4

Last modified on Saturday, 03 January 2015 22:06

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us