මහින්දට දොස්තරලගේ ඡන්දෙ ගන්න, වියදම මාලබේ උපාධි කඩයෙන්

Published in පුවත්
Saturday, 03 January 2015 20:28

 

මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට වෛද්‍යවරුන්ගේ සහය ලබා ගැනීම සඳහා හෙට උදැසන 7.00 ට කොළඹ ගලධාරී හෝටයේ පැවැත්වෙන ප්‍රිය සම්භෂණයේ සම්පූර්ණ වියදම දරා ඇත්තේ මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයේ (SAITM) හිමිකරුවා වන වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු බව හෙළිව තිබේ.

 

මෙම සමුළුව සඳහා මාලබේ පෞද්ගලික වෛද්‍ය විදාලයේ මුදල් එම හිමිකරුවා වියදම් කරන්නේ ඔහු මහින්ද රාජපක්ෂගේ අතිශය සමීප මිතුරකු මෙන්ම මෙම ප්‍රමිතියකින් තොර ආයතනය නීත්‍යානූකූල කරවා ගැනීම සඳහා වෛද්‍යවරුන්ගේ සහය ලබා ගැනීම වෙනුවෙනි. මේ වන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ශිෂ්‍ය ව්‍යාපාර මෙන්ම විපක්ෂ දෙශපාලන පක්ෂ ගනනාවක් මෙම ආයතනය පිහි‍ටුවීමට එරෙහිව සිටී,

 

රාජපක්ෂවරු අධ්‍යාපනය පෞද්ගලික කරනය කිරීමේ මූලික පියවරක් ලෙස මෙම වෛද්‍ය විද්‍යාලය පිහි‍ටුවීමට ඉඩ ලබා දුන්නේය.

 


හෙට පැවැත්වෙන මෙම හමුව සඳහා දිවයිනේ සියලු විශේෂඥ වෛදවරු කැඳවා ඇති අතර මේ සංවිධානය කරන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය පාලීත මහීපාල විසිනි.

drpalitha

 

පාලීත මහීපාල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා ලෙස ජනාධිපතිවරයා විසින්ම පත්කරනු ලැබූවකු වන අතර හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ නියෝගයන් නොතකා රාජපක්ෂවරුන්ට අනුව කටයුතු කළ අයෙකි.

 

ඩිසීඩී ප්‍රශ්නයේදී වෙළෙඳපොලෙන් ඉවත් කිරීමට නියෝග කර ඇති කිරිපිටි යළි වෙළඳ පොළට එක්වීම සම්බන්ධයෙන් හෙළිදරව් වූ කරුණු අතර පාලිත මහීපලගේ නමද ඊට ඇඳී තිබිණි. සෞඛ්‍ය අමාත්‍යංශ තොරතුරු මාර්ග පවසන්නේ මෙම විස කාරක කිරිපිටි විකුණන සමාගමකින් මාසිකව ලක්ෂ 7ක දීමනාවක් මොහුට ලැබෙන බවය.

 

Last modified on Saturday, 03 January 2015 20:40

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us