රාජපක්ෂලාට සජිත්ව මිළදී ගන්න බැරිවෙයි

Published in පුවත්
Sunday, 04 January 2015 09:02
සන්ධාන ආණ්ඩුවේ අගමැතිකම හා මුදලින් රුපියල් කෝටි සියයක මුදලක් ලබා දී එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතව මිළදී ගැනීමට රාජපක්ෂවරු දැරූ ප්‍රයත්නය අසාර්ථක වී ඇතැයි වාර්තාවේ. 
 
මේ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුම යොදවා සජිත් ප්‍රේමදාසගෙන් කැමැත්ත ලබා ගැනීමට උත්සායන් කිහිපයක්ම ගනු ලැබුවද ඒ ප්‍රේමදාස මහතා විසින් ප්‍රතික්ෂේප කර  ඇතැයි ඔහුට සමීප ආරංචි මාරග සඳහන් කළේය. 
 
මෙම උත්සහය පිළිබඳව අප විසින් මීට දින කිහිපයකට පෙර හෙළි කරනු ලැබුවේය. පෙරේදා දිනයේදී සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට එක්වනු ඇතයි රෙජීමය දැඩි ලෙස බලාපොරොත්තු වූ  අතර ඒ සඳහා ප්‍රචාරයක්ද දියත් කරනු ලැබුවේය.
 
මේ සම්බන්ධයෙන් ඊයේ (03)බෙලිඅත්ත ප්‍රදේශයේ පැවැති ජන හමුවකදීද ප්‍රේමදාස මහතා යම් හෙළිදරව්වක් කරනු ලැබීය.
 
"ආණ්ඩුවේ මැතිවරණ ව්‍යාපාරයේ ලොකුම විහිලුව තමන් අගමැතිකම ගැනීම සඳහා ආණ්ඩුවට එක්වෙන බව ප්‍රකාශ කිරීම .මැතිවරණ ප්‍රචාරක වැඩකටයුතු වල දැන් අලුත්ම තුරුම්පුව මොකක්ද? අලුත්ම තුරුම්පුව තමයි සජිත් ප්‍රේමදාස යනවලු අගමැතිකම ගන්න ආණ්ඩුවට. මේක තමයි මේ සියවසේ ලොකුම විහිලුව. ඒ නින්දිත ප්‍රචාරය අද එස්.එම්.එස්. හරහා, ෆේස් බුක් හරහා, ට්විටර් හරහා අන්තර්ජාලය හරහා රට පුරාවටම යවනවා. මම එකක් කියන්න කැමතියි, රට පරිහානියට ලක්කරන මේ වර්තමාන රජයේ කප්පිත්තන්ට, මොහොතකට හිතෙනවද පක්ෂය වෙනුවෙන් දිවිපිදූ තාත්තගේ ආත්මය පාවාදීලා මේ සජිත් පුතා යූඇන්පිය දමලා යයි කියලා." යැයි ඔහු වැඩිදරටත් පැවැසීය. 
 
 
 
 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us