බැසිල්ගේ කොන්ත්‍රාත්තුවකට ආ ගුණරත්නම් පොදු විපක්ෂය පට්ට ගහයි

Published in පුවත්
Thursday, 01 January 2015 22:25

පොදු විපක්ෂයෙන් අවම ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ බලාපොරොත්තු විය නොහැකි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා පවසයි.

අද(01) දින රාජගිරිය සිංහ සමාජ ශාලාවේ දී පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් පළ කළේය.

කුමාර් ගුණරත්නම් මහතා මෙරටට පැමිණීම සම්බන්ධයෙන් මීට මාස ගනනාවකට පෙර හෙළිවූ කරුණ කාරනා අනුව මෙම පැමිණිම සඳහා පුර්ණ අනුග්‍රහය දක්වුයේ ආර්ථික සංවර්ධන ඇමැති ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා විසින් බව ඉතා විශ්වාසදායක ආරංචි මාර්ග තහවුරු කරයි. ඔහු සමඟ වූ මාස කිහිපයක සාකච්ඡාවකින් අනතුරුව ගුණරත්නම් මහතාට මෙරටට පැමිණීමේ ඉඩ කඩ සලසා දෙන ලදී. මිට පෙර පසුගිය සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවලදී දෙවරක්ම මෙරටට පැමිණීම සඳහා කටයුතු සූදානම් කළද එම රහසිගත කරුණු කාරනා හෙළි වීම නිසා කල්දමනු ලැබුවේය. අවසන් වශයෙන් ආරක්ෂක ලේකම්වරයා සමඟ වූ එකඟතාවයකින් අනතුරුව අද පාන්දර මෙරටට පැමිණීම සිදු විය.

ඔහුගේ පැමිණීම සම්බන්ධයෙන් පූර්ව තොරතුරු පවා අප වෙත අනාවරණය වූයේ ජනාධිපති ලේකම් කාර්යලයෙනි.

ඔහු අත් අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් තවමත් හෙළි නොවූ කරුණු කාරනා රාශියක් ඇති අතර එසේම ඔහුට නැවත ඕස්ට්‍රේලියාව දක්වා යාමට පහසුකම් සලසා දීම සම්බන්ධයෙන්ද ඇත්තේ සැක සහිත තොරතුරුය. විශේෂයෙන්ම ඔහු ඔස්ට්‍රේලීයාවට යාම පි‍ටුවහල් කිරීමක් ලෙස ප්‍රසිද්ධ කෙරුණද සත්‍ය තත්වය ඔහුගේ කැමැත්ත පරිදි ඕස්ට්‍රේලියාවට යාම ‍තෝරා ගැනීම බව තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි.


ඒ කෙසේ නමුත් අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු විපක්ෂයේ පොදු අපේකෂක්යාට එරෙහිව වැඩි ප්‍රමුඛතාවයක දෙමින් කතා කිරීම පැහැදිලිව පෙන්නුම් කළේය.

 

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකක් ඉදිරිපත් වී තිබෙනවා. අපි කියපු දේ ඇත්ත කියලා මේ දෙක දැක්කම ඔප්පු වෙනවා. 1994 දී අපි දේශපාලනය කරන කොට අපි කීවේ උනුත් එකයි - මුනුත් එකයි කියලා. 1994 දී අපිට කවුරුත් කීවේ නැහැ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය කරන්න කියලා. අපි ඒකට කඩා වැදුණා. එතකොට සෝවියට් කඳවුර බිඳ වැටිලා. 88-89 රෝහණ විජෙවීර සහෝදරයාව ඝාතනය කරලා තිබුණේ. අපි කථා කළා එතකොට වමක් ගැන. නමුත් ඒ ආරම්භ කරපු දේශපාලනයෙන් අවුරුදු විස්සකට පස්සේ නැවතත් අලුත් වමක් ගැන කථා කරන්න සිද්ධ වෙලා. මේ ජනාධිපතිවරණය අවුරුදු හතරකට පස්සෙ හදිසියේ කැඳවන්නේ පරාජය ගැන බියක් සැකයක් තියෙන නිසා.

පසුගිය අවුරුදු එකොළහ තුළම මේ පාලනය තුළ සිටි වාමාංශික යැයි කියාගන්නා කොටස් කඳවුරු දෙකකට බෙදිලා ජනතාවට කියනවා මේ දෙකෙන් එකක් තෝරාගන්න කියලා. ඒ නිසා තමයි අපි වමේ විකල්පයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. මේක 1994 ව්‍යාපෘතියට නැවත පණ දීමක් කියලා කියන්න පුළුවන්. 1994 දී ආරම්භ කරපු ගමන අවුරුදු 20 කට පස්සෙ නැවත ආරම්භ කරන්න වෙච්ච තත්ත්වයක් තියෙනවා. එහෙම තමයි මේ දේශපාලන මොහොත තේරුම් ගන්න ඕනෙ.

සමාජවාදය ගැන කියනවා නම් සමාජවාදය හා වම ගැන ලංකාවේ විශ්වාසය වෙනදාටත් වඩා දුර්වල වෙලා තියෙනවා. ඒක නිසා සමාජවාදය ගැන වඩාත් නිවැරදි අදහසක් ඉදිරිපත් කිරීමේ වගකීම තියෙන්නේ වමට. සමාජවාදය කියන්නේ නිවෙසක්, රැකියාවක් තිබීම පමණක් නෙමෙයි. ගෞරවය, සතුට, ආදරය ඇති සමාජයක් තමයි සමාජවාදය. එකම කඳවුර දෙකට බෙදිලා අපිට ඡන්දය දෙන්න කියද්දී ඒක මේ වෙලාවෙ අමාරු කාර්යයක්. අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මය, ජාතික ප්‍රශ්නය ආදී හැම දෙයක් ගැනම කඳවුරු දෙකටම තියෙන්නේ එකම ප්‍රතිපත්තියක්. ඒකයි අපි වාම විකල්පයක් ඉදිරිපත් කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය මේ වනවිට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඌනනය වෙලා. ශිෂ්‍යයන්ට, තරුණයන්ට, කම්කරුවන්ට ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙවද?

වැඩකරන ජනතාවගේ සාතිශය බහුතරයකගේ ජීවිත දිහා බලන්න. ගෙවී ගිය වසර හැට හයේ ශේෂ පත්‍රය දෙස බැලුවම අපි කියන කථාව තේරෙනවා. අපට කියනවා එකක් වෙනුවට වෙන එකක් තෝරාගන්න කියලා. අපි මේක කළා එක්සත් ජාතික පක්ෂයේ වසර 17 ක ශාපය අවසන් කරන්න 1994 දී. නැවත අවුරුදු 20 කදී ඒකම කරන්න කියලා කියනවා. එක කඳක ගෙනියන බර තව කරකට මාරු කරද්දී ලැබෙන තාවකාලික සැපට වැඩි දෙයක් මේකෙ නැහැ. අපිට ස්වයං විවේචනයක් තියෙනවා. 1994 දී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ඇතුළු වෙලා අපි කළේ බොහොම අමාරු කාර්යයක්. අද ජවිපෙට වෙලා තියෙන්නෙ මොකක්ද? අද ජවිපෙ සටන් පාඨය ජනවාරි 08 වැනි දා දූෂිත පවුල් පාලනය අවසන් කරමු කියන එක. 94 දී අපි නිවැරදිව සටන් පාඨය තේරුවා. අලියා පරදවමු, පුටුවට ඉඩ නොදෙමු, මල් බදුනට ඡන්දය දෙමු කියලා. එතකොට අපිට කීවේ එජාපයේ වලිගයක් කියලා. එදා ජනතා මිතුරෝ සංවිධානයේ හිටපු චම්පික රණවක චෝදනා කළා 88-89 සමයේදී අපේ සහෝදරයින්ව ඝාතනය කළ එජාපයට සහය දෙනවා කියලා.

මේ විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දෙන්න බැහැ. ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රශ්නය හෝ ජාතික ප්‍රශ්නය විසඳන්න බැහැ කියල අපි එතකොට කීවා. අවුරුදු විස්සකට පස්සේ අපිට නැවත එම චෝදනාවම නඟනවා. අපිට කියන්නේ ප්‍රායෝගික වෙන්න කියලා. ඒකාධිපතීන් තමන්ගේ කැමැත්තට නිර්මාණය වෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ එක්තරා කාලයක මානව හිමිකම් ගැන කථා කළා. පාද යාත්‍රා ගියා. අද ඔහු කොහොමද? දාහත් වසරක ශාපය අවසන් කරන්න ආපු චන්ද්‍රිකා අන්තිමේදී මොකද කළේ? අපි මේ බොරු ව්‍යවස්ථා සංශෝධනය පිළිබද සටන් පාඨය හෙළිදරවු කරනවා. ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නම ජාතික ප්‍රශ්නය මග හැරලා.

ඒ දෙන්නා විතරක් නෙමෙයි දෙමළ ජාතික සන්ධානයත් ජාතික ප්‍රශ්නය පාවා දීලා. ප්‍රජාතන්ත්‍රවාදය හා ජාතික ප්‍රශ්නය ඒ අයට ප්‍රශ්න දෙකක්. අපිට ඒක දෙකක් නෙමෙයි එකක්. සුළුතර තමිල් මුස්ලිම් ජනතාවට එරෙහිව පීඩාවක් තියෙනවා. ඒක තමයි ජාතික ප්‍රශ්නය. ඒක ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ප්‍රශ්නයක්. අපි වගකීමෙන් කියනවා කවුරු බලයට ආවත් තත්ත්වය හොඳ වෙන්නෙ නැහැ. නරක් වෙනවා විතරයි. මේ ගොල්ලන්ට තියෙන්නේ සාතිශය බහුතරයක් ජනතාවගේ ප්‍රශ්නය නෙමෙයි බලය පිළිබඳ ප්‍රශ්නයක්.

සමහර සිවිල් ක්‍රියාකාරීන් ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාස කරනවා. ඔවුන් කියනවා මෛත්‍රී- රනිල් - චන්ද්‍රිකා - චම්පික - දෙමළ සන්ධාන - රවුෆ් හකීම් සන්ධානයට එකතු වෙන්න කියලා. මේක සුළියක්. සැඩ පහරක්. මේකට ඕනෙම එකක් එල්ලන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදය විතරක් නෙමෙයි වාමාංශික සටන් පාඨ උනත් භාර ගනී. හැබැයි එකක්වත් ඵල දරන්නේ නැහැ. ප්‍රතිපත්ති ප්‍රකාශන දෙක බැලුවාම ඒක තේරෙනවා. විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ ප්‍රශ්නය ගැන දැන් කතා වෙන්නේ ඇල් මැරුණු ස්වභාවයෙන්. අවම ප්‍රජාතන්ත්‍රවාදයක් වත් මේකෙන් බලාපොරොත්තු වෙන්න බැහැ.

 

අද දෙරණ පුවත් වෙබ් අඩවියෙන් ගුණරත්නම් මහතාගේ කතාව උපුටා ගන්න ලදී

 

 

Last modified on Thursday, 01 January 2015 22:47

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us