ලංකා ඊ නිව්ස් ගිනි තැබුවේ කවුද ?

Published in පුවත්
Saturday, 31 January 2015 20:30

රාජපක්ෂ ආණ්ඩුව lankaenews වෙබ් අඩවි කාර්යාලය ගිනිතබා විනාශ කිරීම පිළිබදව පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබදව රටට අනාවරණය කරන ලෙසත් සිදුවු පාඩුවට වන්දියක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටිමන් එහි කතෘ සඳරුවන් සේනාධීර මහතා වත්මන් ආණ්ඩුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ අගමැති අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටී.


ඊ නිවුස් කතුවරයා ඒ සම්බන්ධයෙන් යොමුකල ලිපිය පහත පලවේ.

ජනාධිපතිතුමා සහ අගමැති තුමා
ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය

ලංකා ඊ නිව්ස් කාර්යාලය සහ පුස්තකාලය ගිනි තබා විනාශ කර අදට වසර 4 කි: ඒ සම්බන්ධයෙන් පරීක්ෂනයක් පවත්වා නිසි වන්දියක් ලබා දෙන ලෙස ජනපතිගෙන් සහ අගමැතිගෙන් කරන ඉල්ලීමයි

ප්‍රිය මහත්වරුනි,

අද වැනි දිනක එනම් 2011 ජනවාරි 30 න දින අළුයම කොළඹ දිස්ත්‍රික්කයේ, මාළඹේ දහම් මාවතෙහි පවත්වා ගෙන ගිය අප වෙබ් අඩවියේ කාර්යාලය සම්පූර්නයෙන්ම ගිනි තබා විනාශ කරන ලදී.

අන්තර්ජාලය සඳහා නිවැරදි සිංහල අක්ෂරයක් නොතිබූ යුගයක නිවැරදි සිංහල අක්ෂරයක් අප විසින්ම නිපදවා ගනිමින් එය මහජනතාවටද නොමිලේ බෙදා හරිමින් 2005 පෙබරවාරි 4 නිදහස් දිනයේදී ලංකාවේ ප්‍රථම ඔන් ලයින් වෙබ් පුවත් පත ලෙස සිංහල බසින් ආරම්භ කරන ලද ලංකා ඊ නිව්ස් 2011 ජනවාරි 30 දා ගිනි තබන දින වන විට එය සිංහල දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම පවත්වා ගෙන යමින් තිබිණ. ඒ වන විට එහි ස්ථිර සේවක සංඛ්‍යාව 12 ක් වූ අතර කොන්ත්‍රාත් පදනමින් සේවය කළ අය 3 ක් වූහ.

අප වෙබ් අඩවියේ කාර්යාලය ගිනි තබා විනාශ කරන ලද්දේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අත්තනෝමතික පාලනයට එරෙහිව ස්ථිරසාර පිළිවෙතක පිහිටා කටයුතු කිරීම නිසා ය. 2010 ජනාධිපතිවරණයේ දී අප වෙබ් පුවත් පත විපක්ෂ පොදු අපේක්ෂක ජෙනරල් සරත් පොන්සේකා මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට විවෘතව සහාය දුන්නේද ඒ අනුව ය.

2010 ජනවාරි 26 වන දින පවත්වන ලද ජනාධිපතිවරනයෙන‍් පසු දිගින් දිගටම එල්ල වූ මරණ තර්ජන හේතුවෙන් එහි ආරම්භක කර්තෘ සහ හිමිකරු වූ මට ජිවිතාරක්ෂාව සඳහා ශ්‍රී ලංකාව අතහැර විදේශ ගත වීමට සිදු විය. ලංකා ඊ නිව්ස් නිදහස් මාධ්‍යවේදියෙක් වූ ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් කර තිබිණ.

ගිනි තබා විනාශ කරන ලද අවස්ථාව වන විට එම ගොඩනැඟිල්ලෙහි වූ අප පුස්තකාලයෙහි වටිනා පොත් පත් 3000 ක් පමණ තිබිණ. ඒ අතර දැනට ජීවතුන් අතර නැති කර්තෘවරුන් සතුව තිබූ පුස්තකාල එහැම පිටින්ම මිලදී ගෙන එකතු කරන ලද ඉතා වටිනා දුර්ලභ පුස්තකද, මිල කළ නොහැකි පුවත් පත් සඟරා එකතුවක්ද, ඩීවීඩී සිනමා සහ සංගීත තැටි එකතුවක්ද තිබුණි. අපගේ පරිගණක දත්ත ගබඩා උපාංග, වටිනා කැමරා, පටිගත කරන යන්ත්‍ර, ඩිජිටල් වීඩියෝ සංස්කරණ උපාංග, ෆොටෝකොපි, ෆැක්ස් ඇතුළු කාර්යාලීය උපකරණ ද තිබුනේ එම ගොඩනැගිල්ලෙහි ය. එ් සියල්ල ඒ අකාරුනික ගින්නට හසු වී දැවි හළු වී ගියේ ය. ගොඩනැගිල්ලටද බරපතල හානි සිදුවිය. ගොඩනැගිල්ලේ වහලය සම්පූර්ණයෙන්ම විනාශ විය.

එම ගිනි තැබීම සිදු වන විට අප වෙබ් පුවත් පත මාසිකව රුපියල් ලක්ෂ 5 පමණ මාසික අදායමක් ලබමින් සිටියේ ය. ගිනි තැබිමත් ඉන්පසුව සිදුකළ අහේතුක තහනමත් නිසා ඒ සියල්ල ද අහිමි විය.

මෙම ගිනි තැබීමේ සැබෑ අපරාධකරුවා මහින්ද රාජපක්ෂ රජය බවට මට සැකයක් නැත. පොලීසිය සැබෑ අපරාධකරුවන් අත් අඩංගුවට ගන්නවා වෙනුවට නන්නත්තාර සමාජ කණ්ඩායමට අයත් පුද්ගලයින් දෙදෙනෙකු මවා පෙන්වීමක් පිණීස අත් අඩංගුවට ගෙන පසුව නිදහස් කරන ලද්දේය. ඉන් වසර හතරක් ගතව තිබියදීත් ඒ සම්බන්ධයෙන් කිසිදු නඩු විභාගයක් පවත්වා නැත.

ශ්‍රී ලංකාව තුල නීත්‍යානුකූළව පවත්වා ගෙන ගිය අප ලංකා ඊ නිව්ස් වෙබ් අඩවි කාර්යාලය ගිනි තබා විනාශ කිරීම ගැන කඩිනම් පරික්ෂණයක් පවත්වා වරදකරුවන් නීතියේ රැහැනට හසු කරන ලෙස ද එම අපරාධය නිසා අප වෙබ් අඩවියට සිදු වූ මූල්‍යමය හානිය සහ අහේතුකව තහනම් කරන ලද කාලය තුල අපට අහිමි වූ ආදායමද සළකා ඊට සරිලන වන්දියක් ලබා දෙන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමි.

මීට
විශ්වාසී

සඳරුවන් සේනාධීර

ලන්ඩන් නගරයේ සිට

Last modified on Saturday, 31 January 2015 20:53

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us