රනිල් පත්කළ හොරු අල්ලන කමි‍ටුවට හොරාගේ අම්මාත් !

Published in පුවත්
Saturday, 31 January 2015 16:27

දූෂණ චෝදනා හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරනු ලැබූ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර මහතාට පසුගිය රජයේ සිදුව ඇතැයි කියන වංචා සහ දූෂණ සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීම සඳහා අගමැතිවරයාගේ දූෂණ විමර්ශන කමි‍ටුවට පත්කර ඇත. එමෙන්ම ඔහු අපරාධ පරික්ෂණ දෙපර්තමේන්තුවේ ප්‍රධානියා වීමටද අගමැතිවරයාගෙන් ඉල්ලීම් කර ඇති බවත් වාර්තාවේ.

විද්‍යාලංකාර මහතා විසින් පසුගිය වසරේ අගභාගයේදී මරදාන ඩැනී බ්‍රදර්ස් ආයතනයේ හිමිකරු කොලින් නැමැති ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 15ක අල්ලස් ගැනීමක් සිදු කරතිබිණි. එම ව්‍යාපාරිකයා විසින් සිය සමිප හිතවතකු වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මේ සම්බන්ධයෙන් පැමිණිළි කිරීම නිසා යළි එම මුදල් ව්‍යාපාරිකයාට ලබා දීමට විද්‍යාලංකාර මහතාට සිදුවිය.

එමෙන්ම මේ හේතුවෙන් ඔහුව යාපනයට මාරු කිරීමට හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් වරයා වූ මහින්ද බාලසූරියට ජනාධිපතිවරයා නියෝග කළ මුත් ඔහු ඒ සිදු නොකළේය.

ඊට හේතුව වූයේ ඔහුගේ ආචාර්ය උපාධිය ලබ ගැනීම සඳහා මෙම නිලධාරියා උදව් කිරීම නිසාය. ඉන් පසුව පසුගිය දෙසැම්බර් 6 වන දින මැතිවරණ නීතිද උල්ලංඝනය කරමින් ඔහුව යාපනයට මාරු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.


මේ වන විට විද්‍යලංකාර මහතාව කොළඹට කැඳවා ඇත.

අපරාධ පරීක්ෂණ පිලිබඳව දක්ෂ නිලධාරියෙකු වන නමුත් දූෂණවලට සම්බන්ධ බවට ඔප්පු වීම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරනු ලැබූ නිළධාරියකුට අපරාධ පරික්ෂණ දෙපර්තමේන්තුවේ ප්‍රධානි වගකීම භාරදීමට සූදානම් වීම සම්බන්ධයෙන් මේවන විටත් විරෝධයක් ආදල ආයතනවලින් එල්ල වී තිබේ.

මීට පෙර අවස්ථාවක රවී වෛද්‍යලංකාර මහතා රහස් පොලීසියේ සිටියදී නීතිවිරෝධී මුදල් ගණුදෙනු පිළිබඳව (උන්ඩියල්) සොයා බැලීම සඳහා පිහිටවූ විශේෂ ඒකකය උන්ඩියල් ජාවාරම්කරුවන්ගෙන් රුපියල් කෝටි 54 කට ආසන්න ප්‍රමාණයක් කප්පම් ලබාගත් බවට හෙලිවීම නිසා විසිරුවා හැරීමටද පොලිස්පතිවරයාට සිදුවිය.

ඔහුගේ පුත්‍රයාගේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති විවාහ මංගල්‍ය සඳහා පමණක් රුපියල් කෝටියකට ආසන්න මුදල් ප්‍රමාණයක් වැය කොට තිබූ අතර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු එවැනි වියදමක් දැරීම පොලිස් දෙපාර්තමේන්තුවට බරපතල ගැටළුවක් වී පැවතිණ.

තමන් යටතේ සිටින කාන්තා පොලිස් නිලධාරිනියන් ලිංගික කටයුතු සඳහා යොදවා ගැනීම සම්බන්ධයෙන් වෛද්‍යලංකාර මහතාට බරපතල චෝදනා එල්ල වී ඇති අතර නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටියදී තමා යටතේ සිටි කාන්තා පොලිස් පරීක්ෂකවරියන් සමග නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ලිංගික සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් පොලිස්පති පරීක්ෂණයක්ද පවත්වා තිබේ.

පසුගිය 2013 වසරේ මාර්තු මාසයේදී වත්මන් ජනපති පුත් දහම් සිරිසේන හා පාසිකුඩා වෙරළ තීරයේදී ගැ‍ටුමක් ඇති කර ගත්තේද මෙම නිළධාරියාගේ පුත්‍රයා විසින්ය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us