subash

subash

තමාට නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව ඉවරයක් නැතිව වද දෙන්නේ යැයි පරාජිත අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා පසුදාක ලිපියක් ප්‍රසිද්ධ කරමින් කියා සිටියේ ය. එම ලිපිය ලියා ඇත්තේ මාධ්‍ය මගින් ඔහුට එරෙහිව නඟා ඇති චෝදනාවන්ට පිළිතුරු දීමට ය. මහින්ද රාජපක්ෂගේ කපටි ආරක්ෂකයා වන විරවංසට අනුව එම ලිපිය රාජපක්ෂ මහතා ලියා ඇත්තේ කඳුලු පිස දමමිනි.

නව ආණ්‌ඩුවේ අතුරු අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඊයේ (29 දා) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය.

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ ඉදි කරන හෝටල සංකීර්ණ සඳහා කැසිනෝ සහ සූදු පවත්වාගෙන යැමටද පසුගිය ආණ්‌ඩුව ලබාදී තිබෙන අවසරය වහා තහනම් කිරීමට තීරණය කළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්‌ කරමින් පැවැසූවේය.

ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ඉන්දියාවට පැමිණි අවස්ථාවේ නරේන්ද්‍ර මෝදි ඇඳ සිටි ඇඳුම ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා ඇඳුමක් බව වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිළ ඡායාරූප ශිල්පියා ලෙස පෙනී සිටින රාජපක්ෂ ජනාධිපතිවරයාගේද නිල ඡායාරූප ශිල්පියා වූ සුදත් සිල්වා හා ඔහුගේ මස්සිනා වන ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී (වෙළඳ) උපාලි රංජිත් විසින් රාජපක්ෂවරුන්ගේ දැන්වීම විකාශය කිරීම මඟින් සිදු කර ඇති වංචා දූෂණ හා තවත් අකටයුතුකම් ‍රැසක් එම ආයතනයේ සේවක සේවිකාවන් විසින් හෙළිදරව් කරති.

ලස්සන වෙන්න නම් පලතුරු කන්න ඕන කියලා සමාජයේ කා අතරත් ප්‍රසිද්ධ කථාබහක් තියෙනවා. ඒ විතරක්ම නෙමෙයි ලස්සන වෙන්න හිතාගෙන සමහර අය පලතුරු මුහුණෙත් ආලේප කරනවා.

අයවැයෙන් සහන රැසක්

Published in පුවත්
Thursday, 29 January 2015 15:40

පොරොන්දු වූ පරිදි රාජ්‍ය සේවක වැටුප ලබන මාසයේ සිට රුපියල් 5000කින්ද ඉතිරි රුපියල් 5000 ලබන ජූනි මාසයේ සිට ද වැඩිකරන බව මුදල් ඇමති රවී කරුණානායක මහතා නව අතුරු අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසුවේය.

නිරූපිකාවක් කියපු ගමන් අපි හැමෝටම මතක් වෙන්නෙ සිහින් සිරුරක් තියෙන උස යුවතියක්.

ජනාධිපති ලේකම් කාර්යාලයයේ වියදම 2015 වසරට රුපියල් කෝටි නව දහස් ගණනක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබුණ ද, ජනපති නියමයෙන් එම මුදල රුපියල් කෝටි 256 දක්වා අඩු කර ඇතැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා පැවසුවේය.

ඉරාන – ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක‍්‍රියාත්මක වන උමා ඔය ව්‍යාපෘතිය වහාම අත්හිටුවන්නැයි ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.

Connet With Us