අයවැයෙන් සහන රැසක්

Published in පුවත්
Thursday, 29 January 2015 15:40

පොරොන්දු වූ පරිදි රාජ්‍ය සේවක වැටුප ලබන මාසයේ සිට රුපියල් 5000කින්ද ඉතිරි රුපියල් 5000 ලබන ජූනි මාසයේ සිට ද වැඩිකරන බව මුදල් ඇමති රවී කරුණානායක මහතා නව අතුරු අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසුවේය.

එය පසුගිය 2014 වසරේ වැටුප් වැඩි කිරීම හා සැසඳීමේදී සියයට 47ක වැටුප් වැඩිවීමක් යැයිද ඒ මහතා කියා සිටි‍ෙය්ය.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විසින් වාණිජ බැංකුවල පවත්වාගෙන යන රුපියල් මිලියනයක් වන ස්ථාවර තැන්පතු වලට සියයට 15ක ඉහළ පොලියක් ගෙවන බවද ගොවින් විසින් ලබාගෙන ඇති රුපියල් ලක්ෂයකට වැඩි ණය වලින් සියයට 50ක් කපා හැරීමට යෝජනා කරන බවද මුදල් ඇමති රවී කරුණායක ප‍්‍රකාශ කළේය.

එසේම බෝග වගා කිහිපයකට සහතික මිලක් ලබාදීමට ද හෙතෙම යෝජනා කළේය.

ඒ අනූව 2015 මහ කන්‍නයේ සිට වී කිලෝවකට රුපියල් 50ක සහතික මිලක්ද, අර්ථාපල් මිලදී ගැනීම සඳහා කිලෝවකට රුපියල් 80ක්ද, තේ කිලෝවක් සඳහා රුපියල් 80ක්ද, රබර් කිලෝවක් සඳහා රුපියල් 350ක්ද ගෙවීමට යෝජනා කරන බව හෙතෙම පවසයි. පොහොර සහනාධාරය දිගටම පවත්වාගෙන යයි.

රජයේ රෝහල්වල බාහිර රෝගී අංශය පැය 24 පුරා විවෘතව තැබීමට ද යෝජනා විය.

භූමිතෙල් ලීටරයක මිල අද සිට තවත් රුපියල් 6කින් අඩුකරන බවද ඒ අනූව නව මිල රුපියල් 59ක් වන බවද මුදල් ඇමති රවී කරුණානායක මහතා පවසයි.

නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර කරලීමටත්, සැමට අධ්‍යාපනයේ සම අවස්ථා සැලසීමටත් දල දේශීය නිෂ්පාදනයෙන් 6%ක් වෙන් කිරීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය.

දින 100 වැඩපිළිවෙළ යටතේ සහන ලබාදෙන බව පැවසුයේ අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක් වුවද නව රජය අත්‍යවශ්‍ය භාණ්ඩ 13ක මිල අඩුකරන බව ඔහු පැවසුවේය.

ඇමතිවරයා ප්‍රකාශ කළ පරිදි මිල අඩු වන භාණ්ඩ පහත පරිදිය.

ඒ අනූව සීනි කිලෝවක මිලද රුපියල් 10කින් අඩුවනු ඇත.

කිරිපිටි ග්‍රෑම් 400 පැකැට්ටුව රුපියල් 61කින් අඩුකරන බවද ඒ අනූව නව මිල රුපියල් 325ක් වේ.

රෝගීන් සඳහා ලබාදෙන සස්ටජන් කිරිපිටි මිල රුපියල් 100කින් අඩු වනු ඇත.

දේශීය කිරිපිටි කර්මාන්තය රැක ගන්නා බවද හෙතෙම කීවේය.

තිරිඟු පිටි ආනයන බද්ධ කිලෝවකට රුපියල් 10කින් අඩු කරන බවද ඒ අනූව පිටි කිලෝවක මිල රුපියල් 12.50කින් අඩුවනු ඇත.

පාන් ගෙඩියක මිලද රුපියල් 6කින් අඩුවේ.

මුං ඇට කිලෝවක මිල ද රුපියල් 40කින් අඩුවේ.

හාල් මැස්සන් කිලෝවකට පනවා ඇති රුපියල් 26 විශේෂ වෙළඳභාණ්ඩ බද්ද රුපියල් 11 දක්වා අඩු කෙරේ.

ටින් මාළු කිලෝවක් මත ආනයනය කරන විශේෂ වෙළඳභාණ්ඩ රුපියල් 102 සිට රුපියල් 50 දක්වා අඩු කිරීමට සැලසුම් කර ඇත.

කොත්තමල්ලි හා මිරිස් කුඩු සඳහා ද වෙළඳ භාණ්ඩ බදු ඉවත් කෙරේ.

එසේම කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1896 සිට 1500 දක්වා රුපියල් 300කින් අද මැදියම් රැයේ සිට අඩු වන බවද මුදල් ඇමතිවරයා කීවේය.

මේ අතර විවාහ ලියාපදිංචි ගාස්තුව රුපියල් 5000 සිට රුපියල් 1000දක්වා අඩුකරන බවද සෞඛ්‍ය සම්පන්න පරපුරක් වෙනුවෙන් පූර්ණ මැදිහත්වීමක් රජය විසින් දැරීමට යෝජනා වී ඇති අතර අඩු ආදායම්ලාභී පවුල්වල අලූත උපදින දරුවෙකු වෙනුවෙන් රුපියල් විසි දහසක දීමනාවක් ලබා දීමට ද යෝජනා කර තිබේ.

දිවයිනපුරා දැනට තැබෑරුම් 4321ක් ඇති බවත්, එම තැබෑරුම් වලින් එකවරම රුපියල් දෙලක්ෂ පන්දාහක් අය කිරීමට තීරණය කර ඇති.

එසේ නොගෙවන අයගේ බලපත්‍රය අහෝසි කිරීමටත්, එම බලපත්‍රය වෙනත් කෙනෙකුට පැවරිය නොහැකි බවත්, මුදල් ඇමතිවරයා ප‍්‍රකාශ කළේය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us