පමා නොවී උමා ඔය නවත්වන්න

Published in පුවත්
Thursday, 29 January 2015 14:46

ඉරාන – ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක‍්‍රියාත්මක වන උමා ඔය ව්‍යාපෘතිය වහාම අත්හිටුවන්නැයි ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් මේ බව පැවසුවේය. වැලිමඩ , ඌව පරණගම ප‍්‍රදේශවලින් ආරම්භ වී බණ්ඩාරවෙල, ඇල්ල, වැල්ලවාය හරහායි මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වේ. එය හරහා දැවැන්ත පරිසර දුෂණයක් සිදුවන බවද හරීන් ප‍්‍රනාන්දු මහතා පෙන්වා දී අැත.


ජනතාවගේ ඉල්ලීමකින් තොරව පසුගිය රජය ආරම්භ කළ මෙම ව්‍යාපෘතියෙන් මේ වන විට සිදුව ඇති හානියද පෙන්වා දීමට ප‍්‍රධාන අමාත්‍යවරයා පියවර ගෙන ඇත. මේ වන විටත් උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් හේතුවෙන් එගොඩගම, වෙහෙරගලතැන්න, මකුල්ඇල්ල යන ගම්මානවල ළිං 140ක් සිඳී ගොස්ය. පොළොව අභ්‍යන්තරයේ කැනීම් හේතුවෙන් නිවාස රැසක් ඉරිතලා යාමේ අවදානමකටද ලක්ව ඇති බව ඔහුගේ ලිපියෙහි දැක්වේ.

එබැවින් හම්බන්තොට දිස්ත‍්‍රික්කයට සහන සැලසීම සඳහා ඌව පළාත තුළ සිදුකෙරෙන පරිසර හානිය වළක්වන ලෙස හරීන් ප‍්‍රනාන්දු මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us