දළදාවට පිදු රන් අාභරණත් දෑල බණ්ඩාර උස්සලා

Published in පුවත්
Friday, 30 January 2015 11:21

බෞද්ධයන් විසින් ඉමහත් භක්තියෙන් දළදා මාලිගයට පිදූ රත්‍රන් යොදාගෙන නිලංග දෑලබණ්ඩාර මහතාගේ මිනිකූපර් වර්ගයේ මෝටර් රථයේ අගුලු, බැනර් ආදිය අලංකාර කර තිබෙන බව දූෂණ විරෝධී පෙරමුණ පවසයි.

දළදා මාලිගාවට ලැබුණු මුදල් හා සම්පත් අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතාට විරුද්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවට දූෂණ විරෝධී පෙරමුණ ඊයේ (29) පැමිණිල්ලක් කළේය.

දියවඩන නිලමේවරයාගේ මිනිකූපර්වර්ගයේ මෝටර් රථය නවීකරණය කිරීමට දළදා මාළිගාවේ මුදල් හා සම්පත් යොදාගෙන අැති බවත් ඒම මෝටර් රථය අලංකාර කිරීමට මාළිගාව සතු රත්රන් යොදා ගැනීම නිසාම ජනතාව පරිත්‍යාග කරන ලද බුදු පිළිම පිළිබදව ද සොයා බැලිය යුතු බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පැවසූහ.

මෝටර රථය අලුත් වැඩියා කිරිම සදහා මාලිගාවේ මුදල් යොදා ගෙන විදේශ කාර්මිකයන් දෙදෙනෙකු ගෙන්වා ගෙන අැති බව පැවසූ හිමියෝ දළදා මාලිගාවට පැමිණෙන සංචාරකයින්ට ලබා දෙන සී.ඩී පට සැකසීම සදහා සිංගප්පූරු සමාගමකට අවස්ථාව ලබාදීමේදී මුදල් වංචාවක් සිදුව අැති බවට තොරතුරු ලැබී අැති බවද ප්‍රකාශ කළේය.

මහනුවර ඇසල පෙරහර භාරය පනතේ වගන්තිවලට පටහැනිව යමින් මහාභාරකාරවරයාගේ හා පෙරහර මණ්ඩලයේ අවසරයකින් තොරව සමාගම් 25 කින් මුදල් එක්රැස්කර තිබෙන බවත්, දියවඩන නිලමේවරයාගේ බලතල ඉක්මවා යමින් දළදා මාලිගාවට අයත් උඩගෙදර වත්ත ඉඩම කොටස් කර විකුණා තිබෙන බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ.විකිණීමෙන් ලැබුණු මුදල් පී.ඒන් ඩී කන්ට්‍රක්ෂන් නැමැති දියවඩන නිළමේවරයාගේ පෞද්ගලික ගිණුමකට බැර කර අැති බවද පැමිණිල්ලේ සදහන්ය.

දූෂණ විරෝධී පෙරමුණ වෙනුවෙන් පූජ්‍ය උලපනේ සුමංගල හිමි සහ ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, ශිරාල් ලක්තිලක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ.

Last modified on Friday, 30 January 2015 12:01

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us