MH370 හදිසි අනතුරකට භාජනවූවා-රජය නිල වශයෙන් ප්‍රකාශ කරයි

Published in විදෙස්
Friday, 30 January 2015 10:05

අතුරුදහන් වූ MH370 මැලේසියානු ගුවන් යානය හදිසි අනතුරකට භාජනය වී ඇති බව මැලේසියානු රජය නිල වශයෙන් නිවේදනය කර තිබේ.


යානය අනතුරට පත් වන මොහොතේ එහි ගමන් කරමින් සිටි මගීන් සහ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා මිය ගොස් ඇතැයි සලකන බවද එම නිල නිවේදනයේ සඳහන් විය.
මෙම නිල නිවේදනයෙන් පසු මිය ගිය අයගේ ඥාතීන්ට වන්දි ලබා ගැනීමේ අවසරය ලැබේ.

රූපවාහිනිය ඔස්සේ එම නිවේදනය නිකුත් කළ මැලේසියානු සිවිල් ගුවන් සේවා අධිකාරියේ දටෝ අසරුදීන් අබ්දුල් රහ්මන් කියා සිටියේ ඉතා සංතාපයෙන් සහ ශෝකයෙන් යුතුව එම නිවේදනය නිකුත් කරන බවයි.


දෙසිය තිස්නම දෙනෙකු ගමන් කරමින් සිටි MH370 මැලේසියාවේ ක්වාලාලම්පුර් සිට චීනය බලා පියාසර කරමින් සිටිය දී අතුරුදහන් වූයේ පසුගිය මාර්තු මාසයේ දීයි.
යානයේ මගීන්ගෙන් බහුතරය චීන ජාතිකයන් වේ.


කෙසේ වෙතත් යානයේ සුන් බුන් සොයා කෙරෙන සෝදිසි මෙහෙයුම්වලට ප්‍රමුඛත්වය ලබා දෙන බවයි මැලේසියානු බලධාරීන් පවසන්නේ.
දකුණු ඉන්දීය මුහුදු කලාපයේ දැවැන්ත සෝදිසි මෙහෙයුම් සිදු කළ නමුත් මේ දක්වා අතුරුදහන් වූ යානය පිළිබඳව කිසිදු හෝඩුවාවක් ලැබී නැත.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us