රාජපක්ෂ යුගයේ ආර්ථික සංවර්ධනය තනිකර බොරුවක් !

Published in පුවත්
Friday, 30 January 2015 09:10

ඊයේ දිනයේ ඉදිරිපත් කරනු ලැබූ අතුරු අයවැයත් සමඟ මහින්ද රාජපක්ෂ යුගයේ සිදු කළ යැයි කිවු මහා සංවර්ධන ක්‍රියාවලිය හා ආර්ථික වර්ධනය මුළු මනින්ම සංඛ්‍යා ලේඛන වෙනස් කිරීමෙන් සිදු කරන ලද බොරුවක් බවට තොරතුරු ‍රැසක් හෙළිදරව් වී ඇත.

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිශ්පාදනය, විදේශ සංචිත, ණය බර, රාජ්‍ය වියදම් ආදායම්, මෙන්ම එයර්ලංකා, මිහින්ලංකා, තෙල් සංස්ථාව වැනී ප්‍රධාන පෙළේ ආයතන ලැබූ පාඩුව ආදී දේ සම්බන්ධයෙන් පසුගිය රජය නිකුත් කර තිබුණේ ව්‍යාජව සැකසූ සංඛ්‍යා ලේඛනයන්ය.

මේ සම්බන්ධයෙන් ඊයේ සිරස රූපවහිනි නාලිකාවේ පැවැති සටන වැඩ සටහනට සහභා ගී වූ ඇමැති හර්ෂද සිල්වා මහතා සහ මහ බැංකුවේ හිටපු නියෝජය අධිපති ඩබ්.ඒ. විජේවර්ධන මහතා විශේෂ කරුණු දැක්වීමක්ද සිදු කරනු ලැබීය.


ඊයේ පාර්ලිමේන්තුවේදී පසුගිය රජය සමයේ සිදුව ඇති දූෂණය හා නාස්තිය පිළිබඳ උදාහරණ කිහිපයක් අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙසේ හෙළි කළේය.

ජාතික ලොතරැයි මණ්ඩලයේ අරමුදල් දේශපාලන අරමුණු සඳහා යොදවා ගැනීම

දළ වශයෙන් රු. මිලියන 270 ක් පමණ ජාතික ලොතරැයි මණ්ඩලයේ අරමුදල් දේශපාලන අරමුණු සඳහා යොදවාගෙන ඇත.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කොටස් ගනුදෙනු

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හා මුදල් අමාත්‍යාංශයේ අවධානයෙන් සිටින නිලධාරීන් නිසා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ වෙන්නට ගිය මහා පරිමාණ කොටස් ගනුදෙනුවක් වැළකී ගොස් ඇත.

උතුරු අධිවේගී මාර්ගයේ ඇස්තමේන්තුගත පිරිවැය ඉක්මවා යෑම

උතුරු අධිවේගී මාර්ගයේ ඇස්තමේන්තුව නැවත ඇගයීමට ලක් කළ විට රු.බිලියන 50ක පමණ ඇස්තමේන්තුගත පිරිවැය ඉක්ම යාමක් වාර්තා වේ.

M17 හෙලිකොප්ටර් මිලදී ගැනීම

වියදම් කළ ඇ.ඩොලර් මිලියන 450ක මුදල් ඇ.ඩො.මිලයන 200ක් විය හැකි වන පරිදි සාකච්ඡා සම්මුති මගින් එකඟතාවයකට පත්විය හැකිව තිබුණි. ඇ.ඩොලර් මිලයන 250ක් (රු.බිලියන 33ක්) මෙමගින් අහිමි වී ඇත.

සීෂෙල්ස් - බදු කෙම්බිම

සීෂෙල්ස් රට තුළ ශ්‍රී ලංකාව විසින් සිදුකර ඇති උපායශීලී නොවන ආයෝජන පිළිබඳ විමර්ශනයක් කිරීම සඳහා නිල විගණනයක් සහ පරීක්ෂණ ක්‍රියාවලියක් ආරම්භ කෙරෙයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය තරග සඳහා ලංසු ඉදිරිපත් කිරීම

රජය විසින් මහජනතාවගේ මුදල් රු.මිලියන 760 කට වැඩි ප්‍රමාණයක් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ලංසු ඉදිරිපත් කිරීම සඳහා වියදම් කොර ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා ප්‍රභූ පැකේජ

ශ්‍රී ලංකන් ගුවන් සේවය මෑතකදී සිදු කරන ලද ගුවන් යානා මිල දී ගැනීම් තවත් අනවශ්‍ය නාස්තිකාරී වියදමකි. මෙම ගුවන් යානා සඳහා ඇ. ඩොලර් මිලියන 15 ක් (රුපියල් බිලියන 1.95) වටිනා ප්‍රභූ පැකේජයක් අඩංගු කර ඇති අතර, එය නොමිලයේ පිරිනමා ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us