ජවිපෙට විපක්ෂනායකධුරය ලබාදීම සඳහා ඇතුළෙන්ම සැලසුමක්.

Published in පුවත්
Thursday, 29 January 2015 12:15

ඉදිරි මහ මැතිවරණයෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධුරය ලබා දීම වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේම ප්‍රබලයන් කිහිප දෙනෙකු සැලසුම් කරමින් සිටින බව ලංකාඩේලි වෙත වාර්තාවේ.

ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය වෙනම අලියා ලකුණින් තරග කරන අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයද අත ලකුණින් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළය ලකුණින් හෝ වෙනම තරග කිරීමට ඉඩ තිබේ. මෙහිදී ජනතා විමුක්ති පෙරමුණද වෙනම සීනුව ලකුණින් තරග කරනු ඇත.

එහිදි ප්‍රධාන පක්ෂ දෙකෙන් කවර පක්ෂයක් බහුතරය දිනා ගනු ලැබුවද තව දුරටත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට දෙපාර්ශ්වය එකඟව ඇත. එහිදී බහුතරය දිනා ගන්නා පක්ෂයට කැබිනට් මණ්ඩලයේ වැඩි නියෝජනයක් හිමිවනු ඇති නමුත් අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාම පත්වීම සිදුවනු ඇති බවත් වාර්තාවේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය බවට පත් වීමේ වැඩි ඉඩ කඩක් පවතින්නේ දෙමළ ජාතික සන්ධානයටය. එහෙත් ඒ වලක්වා ජනතා විමුක්ති පෙරමුණට විපක්ෂ නායකකම ලබාදීමට නම් එම පක්ෂය දෙමල ජාතික සන්ධානයට වඩා වැඩි ආසනයක් හෝ දිනා ගත යුතුව ඇත. ඒ වෙනුවෙන් ජවිපෙට උපකාර කළ යුතු බව මෙම ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ මත වී ඇත. ඒ සඳහා ආසන 15කට වැඩි ප්‍රමාණයක් ජවිපෙ ජයග්‍රහණය කළ යුතුව ඇත.

කෙසේ නමුත් ජවිපෙ මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා දූෂණ විරෝධී ක්‍රියා මාර්ගවල නිරත වෙමින් සිටින අතර ඉදිරියේදී ආණ්ඩුපක්ෂයෙම ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිළි දෙකක්ද ඔවුන් විසින් බාර දීමට සූදානම් වෙමින් පවතින බවත් වාර්තා වේ.

මේ වන විට දෙමළ ජාතික සන්ධානයට පාර්ලිමේන්තු ආසන 14ක් හිමිව තිබේ. ජවිපෙ මන්ත්‍රීවරු සිටින්නේ තිදෙනකු පමණය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us