මත්ස්‍ය තහනම ඉවත් කිරීම කල් යයි

Published in පුවත්
Thursday, 29 January 2015 11:36

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන වලට එරෙහිව යුරෝපා සංගමය පනවා තිබෙන තහනම ඉවත් කිරීමට තවත් මාස කිහිපයක් ගත වනු ඇති බව යුරෝපා සංගමය පවසයි.

අදාළ තහනම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය දා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර දී යුරෝපා සංගමයේ බලධාරීන් සමඟ සාකච්ජාවක් පවත්වනු ලැබුවේය.

මංගල සමරවීර මහතා යුරෝපා සංගමයේ සමුද්‍ර සහ ධීවර කටයුතු පිළිබඳ කොමසාරිස්වරයා සමඟ සාකච්ජා පවත්වා ඇති බව බී.බී.සී ලෝකසේවය වාර්තා කරයි .

එහිදී මත්ස්‍ය නිෂ්පාදන අපනයන තහනම ඉවත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග යුරෝපා සංගමයේ පැසසුමට ලක්ව අැත.

එහෙත් නීති විරෝධීව සිදුවන මසුන් ඇල්ලීම නතර කිරීමට ශ්‍රී ලංකාව ක්‍රියාකරන තුරු මෙම තහනම ඉවත් කිරීමට නොහැති බව එම සංගමය පෙන්වාදී ඇත.

ශ්‍රී ලංකාවේ නව තත්ත්වය පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා දුත පිරීසක් මෙරටට එවීමට බලාපොරොත්තු වන බවත්, අනතුරුව පනවා ඇති තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණය කරනු ඇති බවත් යුරෝපා සංගමය පවසා තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර අමාත්‍යවරයා අද දිවයිනට පැමිණීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us