පුෂ්පා රොවෙල් දිනමිණ මුල් පුටුවට

Published in පුවත්
Thursday, 29 January 2015 12:31

දිනමිණ පුවත්පතේ වැඩ බලන ප්‍රධාන කර්තෘවරිය ලෙස පුෂ්පා රොවෙල් මහත්මිය ඊයේ (28) වැඩ බාරගත්තාය. ඇය මෙරට දිනපතා ජාතික සිංහල පුවත් පතක කර්තෘ ධුරය ලැබූ පළමු කාන්තාව ලෙස වාර්තා පොතට එක් වන්නීය.

1977 වසරේ ලිපිකාරිනියක ලෙස ලේක්හවුස් ආයතනයේ සේවය‍ට පැමිණි ඇය ඒ වසරේම උප කර්තෘවරියක ලෙස දිනමිණ කර්තෘ මණ්ඩලයට එක් වූවාය.පසුව දිනමිණ උප ප්‍රධාන කර්තෘ ,ප්‍රධාන උප කර්තෘ තනතුරුද හෙබවූ රොවෙල් මහත්මිය දිනමිණ වැඩ බලන ප්‍රධාන කර්තෘ ධූරය‍ට පත් වන විට දිනමිණ සම කර්තෘවරිය ලෙස වසර පහකට අධික කාලයක් කටයුතු කර තිබිණි.

පුවත් පතේ ක්‍රී‍ඩා,විදේශ ප්‍රවෘත්ති,විශේෂාංග,මෙන්ම ප්‍රවෘත්ති අංශවලද දීර්ඝ කාලීන පළපුරුද්දක් ලබා ඇති ඇය ජපානයේ හිරෝෂිමාහි පැවති ඔලිම්පික් උළෙල ආවරණය කිරිම ඇතුළු බංග්ලාදේශය, බැංගලෝරය, බැංකොක්,දිල්ලිය, චීනය යන රටවල නොයෙකුත් මාධ්‍ය ආවරණ කටයුතු දිනමිණ වෙනුවෙන් සිදු කර තිබේ.

පුෂ්පා රොවෙල් මහත්මිය කැලණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදි උපාධිධාරිනියකි

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us