subash
ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට එල්ලවී ඇති චෝදනා පිළිබඳ සොයාබලා ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව ලබන සැප්තැම්බර් මාසය දක්‌වා කල් දැමීමට එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් මහතා ශ්‍රී ලංකා රජයට එකඟ වී ඇත.
පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අරුගම්බේ වෙරළෙහි ඉදිකර ඇති, අති සුඛෝපභෝගී නිවාඩු නිකේතන 54 ක් පිළිබඳ හෙළිදරවු කළේය. මෙම නිවාඩු නිකේතන ඉදිකිරීම පිටුපස තවත් කතාන්තරයක් තිබේ.
ආගමික ප‍්‍රචණ්ඩත්වය ඇතිකිරීම වෙනුවෙන් ජාතිවාදී සංවිධානවලට මිලියන ගනනින් මුදල් ලබාදීමට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කටයුතු කර ඇති බව අසාද් සාලි මහතා පවසයි.
ඒ අනුව ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් නායකත්වය දරන රාවණා බලය සංවිධානයට රුපියල් මිලියන දෙකහාමාරක් ලබාදී ඇත. එම ගනුදෙනුව බුද්ධි අංශයේ හිටපු ප‍්‍රධානියා වන චන්ද‍්‍රා වාකිෂ්ඨ හරහා ලබාදී ඇති බවත් ඔහු කියා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය ලෙස හඳුන්වමින් 'නිල් බළකාය' නමින් මෙතෙක් ක්‍රියාත්මක වූ මැර සංවිධානය විසුරුවා හැරිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
උතුරේ හෝ දකුණේදී අපේ දරුවන් මරා දැමීමේ අයිතිය දුන්නේ කවුරුන් ද?
එක් දහස් නවසිය අනූවේ පෙබරවාරි 17 වැනිදා මැදියම් රැයෙහි රාජගිරිය වැලිකඩවත්තේ පිහිටි වෛද්‍ය මනෝරාණි සරවනමුත්තුගේ නිවසට සන්නද්ධව කඩා වැදුණු සිවිල් හැඳගත් ආරක්‍ෂක අංශ සාමාජිකයෝ ඇගේ පුතු - ප්‍රවීණ මාධ්‍යවේදී හා කලාකරු රිචඩ් ද සොයිසා - පැහැරගෙන ගියහ.
වැලිකඩ සිරකරුවන් සංහාරය සම්බන්ධයෙන් නිතිඥ උදුල් ප්‍රේමරත්න හා තවත් මානව හිමිකම් ක්‍රියාදරයන් විසින් නීතියේ සාධාරණත්වය ඉටුකරන ලෙස වත්මන් පාලනයට බල කරමින් ගෙන යන ව්‍යපාරයට එරෙහිව නෙත් එෆ් එම් ගුවන් විදුලි නාලිකාව ඉතා පහත් හා නිර්ලජ්ජිත ආකාරයෙන් ඒ විහිළුවට ලක් කිරීම හා ඒ සම්බන්ධයෙන් විකෘති කරන ලද පුවත් විකාශය කිරීම ගැන උදුල් ප්‍රෙමරත්න මහතා ලංකා ඩේලි වෙඩ් අඩවියට කරන ලද ප්‍රකාශය පිලිතුරක් නෙත් එෆ් එම් අධිපති නිහාල් සෙනෙවිර ත්න ඈපා මහතා විසින් ඊමේල් ආධාරයෙන් ප්‍රචාරය කරමින් සිටී.
ජනපති මෛත්‍රීට ඉන්දීය ජනපතිගෙන් උණුසුම් පිළිගැනීමක්(photos)
ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් අද ඉන්දීය ජනාධිපති මන්දිරය වන රාෂ්ඨ‍්‍රපති භවන්හීදී පැවැත් වුණි.
පාප් වහන්සේට දුන් මිලියන 8.7 පරිත්‍යාග මුදල ආපසු පරිත්‍යාග කරයි
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස්පාප් වහන්සේගේ මෙරට සංචාරයේදී කතෝලික රදගුරු සභාව විසින් ලබාදුන් පරිත්‍යාග මුදල නැවතත් ශ්‍රී ලංකාවට ලබාදීමට උන්වහන්සේ තීරණය කර තිබේ.
සුළඟ සමඟ මිතුරු වෙන්න
රතු මල් ගස යටට එන්න
සුළගේ විසිරුණු මල් පෙති
හෙමින් සැරේ ඇහිඳ ගන්න
මල් පෙත්තක ඔබෙයි මගෙයි
ලෙන්ගතුකම ගැන ලියන්න........
ඩුබායි හි පසුගිය 13 වැනිදා පැවැති සංගීත ප්‍රසංගයකට තමා සහභාගි කර නොගන්නා ලෙසට නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එම සංවිධායක මඩුල්ලට බලපෑම් කර තිබූ බව මධු මාධව අරවින්ද මහතා පවසයි.
